Mobilio ව්‍යාපාර ජාලයේ නවතම ශාඛාව පසුගියදා කොළඹ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දී විවෘත කෙරුණා . එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ සිරස නිවුස් ෆර්ස්ට් උපදේශක හා ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි මහතායි. බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා. Mobilio සමූහයේ උපදේශක වරළත් ගණකාධිකාරි ආචාර්ය ඉර්ෂාඩ් ජබීර් මහතා සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන මුහීඩ් ජීරන්, අධ්‍යක්ෂවරුන් වන,නෙල්සන් නිරෝෂන් සහ විස්වනාදන් ඩැනියල් යන මහත්වරුන්ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා
ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හා Mobilio ආයතනය සුවිශේෂී සංධිස්ථානයකට එළඹීම මෙහි විශේෂත්වයක්. ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ සමාජිකත්වය දරන්නන්ට හා අඩු ආදායම්ලාභීන් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කර හා අති දුෂ්කර ගම්මානවල ජීවත්වන දරු දැරියන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද සහිතව සහනදායි හා නොමිලයේ ජංගම දුරකතන ලබාදීම සදහා අනුග්‍රාහකත්වය දැරීමට Mobilio ආයතන සමූහයේ උපදේශක ආචාර්ය ඉර්ෂාඩ් ජබීර් මහතා ඇතුළු කළමනාකාරිත්වය මෙහි දී එකඟතාවකට එළඹුනා.
ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම අවස්ථාව ලබාදීම සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හා Mobilio ආයතනය සැලසුම් කර තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…