දේශීය

පුණ්‍යායතන ලෙස සරසවි අරඹනවා නම්, අවශ්‍ය නීති වෙනස් කර දෙන්න පුළුවන් – ජනපති කියයි

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා තිබේ. දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටී. මෙයට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළයුතුය.

මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බව ද පෙන්වා දුන්නේය. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං-පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිඳු හේතුවක් නැති බවත්, මෙය සිදු කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එය ද සිදුකළ හැකි බවත් ජනාධිපතිතුමා පැවසීය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති අතර උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳපොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකිය. ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද පැවසීය.

අද පැවතියේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය යි.
ආරක්ෂක අධ්‍යනය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, සම සෞඛ්‍ය විද්‍යාව සහ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1408 දෙනෙකු සඳහා උපාධි පිරිනැමින. ආචාර්ය උපාධිධාරියෙකු, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1180කි.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරී එස්.එච්. රොද්‍රිගු, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් එස්.ඩී. කරුණාසේන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී එස්.කේ.එස්. රුක්ෂාන්, අතිශූර නිලධාරියා ලෙස ලුතිතන් එල්.ඩී.අයි. ලියනාරච්චි යන නිලධාරින් ජනාධිපතිතුමා අතින් තිළිණ ලැබූහ.
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමට ස්ථාපිත කෙරිණි. වර්ෂ 2009 දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් එය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබීය. වර්ෂ 2009 දී සිවිල් සිසුන්ට ද උපාධි හැදෑරීමට අවස්ථාව හිමි විය.

වර්තමානයේ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝම පාඨමාලා හැදෑරීමට ත්‍රිවිධ හමුදා සහ දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව සැලසී ඇත.
වර්තමානය වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ අන්තර්ජාතික විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය ලබා ඇත.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ආරක්ෂක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යදන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago