දේශීය

ජාත්‍යන්තරයට එන්න LPL වලින් ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ටයි – රමේෂ් මෙන්ඩිස්

කොදෙව් දූපත් සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියේදී හොඳින්ම පන්දු යෑවීමට අවස්ථාව උදාවූවා සේම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේදීම තුන් ඉරියව්වේම දස්කම් දැක්වීමට හැකි වීම සතුටක් බව දඹුල්ල ජයන්ට්ස් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සඳහන් කර සිටියි.

තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි වොරියර්ස්ට එරෙහි තරගයේදී පන්දු 11කදී හයේ පහර දෙකක් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21ක් ද පසුව ලකුණු 21කට කඩුලු තුනක් දවාලමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමෙන් අනතුරුව මෙන්ඩිස් ඉහත අදහස් පළ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මෙන්ඩිස්, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තෙඅංශයේම අංක 1 තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්වීම තම බලාපොරොත්තුව යැයිද සඳහන් කර සිටියේය.

“පන්දු යැවීමේදී මගේ දක්ෂතා මා දැන් පෙන්වා තිබෙනවා .මට අවශ්‍යව තියෙන්නේ ලකුණු රැස් කිරීම අතිනුත් හොදින් ම දස්කම් පෙන්වීමට යි. ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් දැන් සිදු කරගෙන යනවා” යැයි සඳුදා (7) තරගයෙන් අනතුරුව මෙන්ඩිස් පවසා සිටියේය.

“ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අපට ලැබුණු තණතිල්ල ඉතා හොඳයි. පිතිකරුවන් ඉනිම දෙකේදී ලකුණු 190ක් 170ක් රැස් කළා. ඒ වගේම දඟ පන්දු යවන්නන්ටත් සහය දුන් බවට මාගේ පන්දු යැවීමේදී සනාථ වූවා”.

එල්.පී.එල් තරගාවලිය පිළිබඳව දැඩි උනන්දුවකින් සහ සතුටකින් අදහස් දැක්වූ රමේෂ් මෙන්ඩිස් මා

මීට වසර දෙක තුනකට පෙර ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගවලට පමණක් සීමා වෙමින් තිබූ රමේෂ්ගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වූයේ පළමු වරට පැවැති එල්.පී.එල්. තරගාවලිය වේ. ඒ පිළිබඳව ඉතා සතුටින් අදහස් දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයා, “ඇත්තටම එදා සිට මා අද සිටින තත්ත්වය දක්වා ඒමට අවස්ථාව ලැබුණේ එල්.පී.එල්. තරගාවලිය නිසයි. එවැනි තරගාවලියක් සංවිධානය කිරීම ගැන මම ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි” යනුවෙනි.

“මට විතරක් නොවෙයි. ගොඩක් තරුණ ක්‍රීඩකයින්ට මේ තරගාවලිය හොඳ අත්වැළක් වුණා. මට වගේම දක්ෂතා අතර ඉන්න ඒත් ඉදිරියට පැමිණීමට අවස්ථාවක් නොලද තරුණ ක්‍රීඩකයින්ට මෙවර තරගාවලිය හොඳ අත්වැළක් වේවි. ඔවුන්ට මේ හරහා ජාත්‍යයන්තර දොරටු විවෘත වනවා කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මම කළින් කිව්වා වගේ ලෝකයේම අවධානය යොමුවී තිබෙන මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව මා යළිත් වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත විය යුතුය” යැයිද මෙන්ඩිස් පවසා සිටියේය.

ජාත්‍යන්තරයට එන්න LPL වලින් ලැබුණු සහයෝගය ඉතා විශිෂ්ඨයි – රමේෂ් මෙන්ඩිස්

උපුටා ගැනීම –

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago