කාලකන්නි කථාවක්.!! අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්. එකෙක් ශ්‍රී ලංකිකයන්. අනෙකා චයිනීස්. කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි. ඉන් පස්සේ රිටායි කරනවා. මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.
ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මණ්ඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.
පරිසර ගැන බලයලත් ආයතනය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.
වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.
චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම
චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා
එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා. වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.
මගේ රටේ මිතුරා මට හමුවුණාම කියන්නේ.. අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.
මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්… කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.
කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.
මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.
සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ
මට ආපහු ඇහෙනවා කථාව…
ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.
ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.
පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.
ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී
අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා
අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා..
උපුටා ගැනිමකි – අන්තර් ජාලයෙන්



