දේශීය

මෙරට නිපදවිය හැකි ඖෂධ 9ක් කෝටි 60ක් ගෙවා රටින් ගෙන්වලා

අඩු පිරිවැයකින් දේශීයව නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග 9ක් වාර්ෂිකව රුපියල් හැටකෝටි හැටලක්ෂයකට (60,6000000) අධික මුදලක් ගෙවා ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ගෙන්වන බව වාර්තා වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතව ආනයනය කරන දෛනිකව බහුලව භාවිත වන ඇටෝවැස්ටටීන්, ලොසාර්ටන් පොටෑසියම්, පෙන්ටප්‍රසොල්, මෙට්ෆොමීන්, ක්ලොපිඩොග්‍රල්, ඔමෙප්‍රසෝල්, රෝසුවැස්ටටීන්, ග්ලිකසයිඩ්, සිටග්ලිප්ටීන් යන ඖෂධ මෙලෙස ගෙන්වීමට කටයුතු කරමින් සිටී.

දැනට ආයනයනය කරන ප්‍රමිතියේ මෙම ඖෂධ වර්ගයකින් පෙති 100ක් ගෙන්වීමට ඩොලර් 4.15ක් නැතහොත් රුපියල් 840ක් පමණ වැය වන නමුත් එම පෙති 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැයවන්නේ ඩොලර් 1.25ක් නැතහොත් රුපියල් 252ක් පමණි. විදේශ විනිමය අර්බුදයක් මතු වී ඇති පසුබිමක ඊට විසඳුමක් දෙමින් දේශීයව මෙම ඖෂධ නිපදවා වෙළෙඳපොළට නිකුත් කර ඖෂධ නීතිගත සංස්ථාවට සහ රජයට ආදායමක් උපයා ගැනීමට හැකියාව පැවැතියද ඖෂධ බලධාරීන් ඊට නිසි ක්‍රමවේදයක් මේ දක්වා සකස් කර නැත. දේශීයව නිෂ්පාදනය කළ හැකි ඖෂධ සියල්ලක්ම සම්පූර්ණයෙන්ම රට තුළ නිපදවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇතුළු ඖෂධ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ආයතන මෙලෙස ක්‍රියාකරනුයේ කුමන අරමුණක් නිසා යන්න ගැටලුවකි.

මේ අතර ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එස්. සමරසිංහ මහතා මෙසේ කියයි.

“ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රජයේ රෝහල්වලට හා සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සඳහා ඖෂධ මිලදී ගැනී‍මේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර, ඊට අමතරව දේශීය වෙළෙඳපොළ සඳහා රාජ්‍ය ඔසුසල ප්‍රමුඛ බෙදාහැරී‍මේ ජාලයක් මඟින් ඖෂධ සැපයීම කරයි.

රාජ්‍ය අංශයට සැපයුම් කිරීමේදී වෛද්‍ය සැපයීම් අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා තරගකාරි මිල ගණන් කැඳවා මිලදී ගෙන සැපයීම කරයි. රාජ්‍ය අංශය සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් හෝ දේශීය නිෂ්පාදකයකු නිෂ්පාදනය කරන ඖෂධ විදේශවලින් ආනයනය නොකරයි.

අදාළ ප්‍රවෘත්තියේ දක්වා ඇති අයිතම 9 අතරින් 6ක්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගනී.

තවද අයිතම 2ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් සැපයීම තහවුරු කර ගන්නා තෙක් පසුගිය වසර දක්වා වෙනත් විකල්ප නොවූයෙන් විදෙස් සැපයුම්කරුවන්ගෙන් අවශ්‍යතාව අනුව මිලදී ගැනීම කර ඇතත් එම අයිතම 2021 වර්ෂය සඳහා විදේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගෙන නැත. එක් අයිතමයක් පමණක් තාමත් අපේක්ෂිත පිරිවිතරයන් අනුව සැපයුම් කරන දේශීය නිෂ්පාදකයකු ඉදිරිපත්වී නැති නිසා විදෙස් සැපයුම්කරුවකුගෙන් මිලදී ගැනීම කර ඇත. රාජ්‍ය ඔසුසල් සඳහා ඖෂධ මිලදී ගැනීමේදී ද තරගකාරි මිල ගණන් කැඳවීම කරන අතර, එහිදී මිල හා වෙළෙඳපොළ ඉල්ලුම සලකා බලා මිලදී ගැනීම් කරනු ලැබේ. දේශීය සැපයුම්කරුවකු සහ විදේශීය සැපයුම්කරුවකු එකම ටෙන්ඩරයක් සඳහා තරග කරන අවස්ථාවලදී මිල ගණන් සංසන්දනයේදී දේශීය සැපයුම්කරුට 20%ක මිල වාසියක් දීම කරයි.

ඒ අනුව මිල සැසඳීමේදී අවම මිල ඉදිරිපත් කර නැතත් 20%ක මිල පරාසය තුළ මිල ගණන් ඉදිරිපත් කර තිබේ නම් දේශීය නිෂ්පාදකයාට විශේෂ ප්‍රමුඛතාවක් දී මිලදී ගැනීම කරනු ලබයි.

වෛද්‍ය වට්ටෝරු ලියවෙන රටාව අනුව වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා යම් ප්‍රමාණයකින් වෛද්‍ය නිර්දේශ මත වෙළඳපොළ ඉල්ලුමක් පවතින විදේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනද වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට වන බැවින් ඒ සඳහාද යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට සිදු වේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙළෙඳපොළට ඉදිරිපත් කරන සිය ඖෂධ වෙළෙඳපොළ තුළ අවම මිල ගණන්වලට විකිණීමට ඇති ඖෂධ වේ.”

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

5 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago