දැනට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඟහරුවාදා දින නැවත ආරම්භ කිරීමට නියමිතයි . එය තාවකාලිකව වසා දැමූවේ නොවැම්බර් 15 වැනිදායි. වසා දැමීමේදී දින 50ක් ඇතුළත නැවත විවෘත කරන බවට සහතික වූ අතර ඒ අනුව දින 50 ගතවීමට ප්‍රථමයෙන් පිරිපහදුවේ කටයුතු හෙට යලි ආරම්භ වන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසනවා.


