දේශීය

ප්‍රියන්තගේ ඉරණම ම අත්වීමට ගොස්, යන්තමින් දිවි බේරාගත් ආසියා බිබීගේ කතාව.

ඉස්ලාම් අන්තවාදයේ තරම තේරුම් ගැනීමට ඒසියා බිබීගේ කතාව හොඳ උදාහරණයක්. එමෙන්ම ඉස්ලාමය පදනම්කරගත් පකිස්ථානයේ අපහාස නීතියද (Blasphemy Law) ඉතා දැඩි එකක්.

ඒ අනුව ගත්විට දැනට ප්‍රකාශිත සිදුවීම සමග ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනයද අහඹුවක් නොවෙයි. විදෙස් නියෝජිත පිරිසක් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට එන බැවින් අලවා තිබූ පෝස්ටර් ඉවත් කරන ලෙස ඔහු කරන ලද ඉල්ලීමක් ආසන්නතම සිදුවීම බව කියවෙනවා. ඒ මත වුවද නීතිය ක්‍රියාත්මක වූයේ නම් සමහර විට ඔහු වැරදිකරු වීමට පවා ඉඩ තිබුණා.

පාකිස්ථාන ජාතික කාන්තාවකටම එරටදී නැගුණු මාරාන්තික විරෝධය මෙවැන්නක් තේරුම් ගැනීමට කදිම උදාහරණයක්. ලෝකයේම මහත් ආන්දෝලනයක් ඇති කළ එකී කාන්තාව වන Asia Bibi ගේ කතාවයි මේ.

ඒසියා බිබි පකිස්ථානු ජාතික ක්‍රිස්තියානි කාන්තාවක්. 2009 වසරේ දිනෙක ඇය අසල්වැසියන් සමග බෙරි අස්වනු නෙලමින් සිටියා. එහිදී ඇති වූ කතාබහකදී මුහම්මද් නබිතුමන්ට අපහාසයක් වූ බවට ඇය නීතිය හමුවට ගෙන එනු ලැබුවා.

ඒ අනුව දේව අපහාසයට වරදකරු කරමින් ෂෙයික්පුර විනිසුරුවරියක් ඇයට මරණ දණ්ඩනය නියම කළා. එම තීන්දුව ලාහෝර් මහාධිකරණය විසින්ද අනුමත කරන ලද අතර එය ලොව පුරා අවධානයට ලක් වුණා.

ඇය නිදහස් කිරීම සඳහා ලොව පුරා පුද්ගලයින් සහ විවිධ සංවිධානවලින් ඉල්ලීම් ඉදිරිපත් කෙරුනා. ඒ අතර අත්සන් 400,000 ක් ලබා ගත් පෙත්සමක්ද තිබුණා. XVI වන බෙනඩික්ට් පාප්තුමා සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චෝදනා ඉවත දමන ලෙස ඉල්ලා සිටියා.

රට තුළ ඇයට සාපේක්ෂව ලැබුණේ ඉතා අඩු අනුකම්පාවක්. බහුතරය දැඩි ලෙස ඉල්ලා සිටියේ ඇය එල්ලා මරා දමන ලෙසයි.

අමාත්‍යවරයෙකු වූ ෂාබාස් භාට්ටි සහ පන්ජාබ් ආණ්ඩුකාර සල්මාන් ටසීර් යන දෙදෙනාම ඝාතනය කරනු ලැබුවේ ඇය වෙනුවෙන් පෙනී සිටීම සහ දේව අපහාස නීතිවලට විරුද්ධ වීම හේතුවෙන්. මෙහි බරපතලම කතාව වන්නේ 2011 වසරේදී ආණ්ඩුකාරවරයා වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔහුගේම ආරක්ෂකයෙකු වීමයි.

2010 වසරේ සිටම ඒසියා බිබිගේ පවුලට මරණ තර්ජන එල්ල වීම හමුවේ සැඟව සිටීමට සිදු වුණා. ඉස්ලාම් පූජකයෙකු වූ මවුලානා යූසුෆ් කුරේෂි ඇය ඝාතනය කරන ඕනෑම අයෙකුට පකිස්තාන රුපියල් 500,000 ක ත්‍යාගයක් ලබා දෙන බවද ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේවෙතත් සාක්ෂිකරුවන්ගේ පරස්පර ප්‍රකාශ සැලකිල්ලට ගෙන 2018 ඔක්තෝබර් 31 දින, පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය බිබී නිදොස් කොට නිදහස් කළා.

එහෙත් එම තීරණය විරෝධතාවලට තුඩු දුන්නා. රටේ ප්‍රධාන නගරවල ඉස්ලාමීය අන්තවාදීන් ප්‍රමුඛකරගත් පිරිස් ඊට මූලික වී සිටියා. 2018 වසරේ නොවැම්බර් මස පකිස්ථාන රජය විරෝධතාවලට නායකත්වය දුන් Tehreek-e-Labbaik දේශපාලන පක්ෂය සමඟ ගිවිසුමකට පවා අත්සන් තැබුවා. ඒ බිබීට රටින් පිටවීමට අවස්ථාව නොදෙන බවට එකඟ වෙමින්. ඒ අනුව ඇයට රටින් පිටවීම තහනම් කෙරුනා.

එහෙත් ඉතාලිය, කැනඩාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් ද ඇයට පකිස්ථානයෙන් පිටව යාමට උදව් කළා. 2018 නොවැම්බර් 7 වන දින ඇය මුල්තාන් හි කාන්තාවන් සඳහා වූ නව බන්ධනාගාරයෙන් නිදහස් කෙරුනා.

එහෙත් තීන්දුව සමාලෝචනය කරන තුරු ඇයට පකිස්ථානයෙන් පිටවීමට අවසර ලැබුණේ නැහැ. බිබී සන්නද්ධ ආරක්ෂාව යටතේ රඳවා සිටි අතර 2019 මැයි 7 වන දින එනම් අදාළ ක්‍රියාවලිය අවසන් වූ පසු දිනම කැනඩාවට පළාගියා.

මේ අතර බිබී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ Saif Mulook ට ඇයටත් කලින් රටින් පලායාමට සිදු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර තානාපති කාර්යාලවල උදව්වෙන් නෙදර්ලන්තයට ගොස් ඔහු දිවි බේරා ගත්තා.

පාකිස්ථානයේ අපහාස නීතිය යටතේ 1987-2017 කාලය තුළ 75 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර තිබෙනවා. එකී දේව අපහාස නීතිය මගින් උසිගන්වන ලදුව නීති විරෝධී ලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් ගණන 60 කට අධිකයි. ඒසියා බිබී පකිස්තානයේ දේව අපහාසයට මරණ දණ්ඩනයට නියම වූ පළමු කාන්තාවයි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ඇතුළු පාකිස්ථානය ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කරන මැදිහත්වීම ප්‍රශස්තය. එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් දෙරට අතර පවත්නා මිත්‍රත්වය රැකගැනීමටත් ජාත්‍යන්තර වශයෙන් සිය රටට එල්ලවිය හැකි බලපෑම් ආදියත් සැලකිල්ලට ගනිමින් විය යුතුය. එහෙත් මෙවැනි ඝාතනයන් සඳහා පසුබිම සකසා ඇත්තේද ඔවුන්ම පවත්වාගෙන යන දැඩි ආගම්වාදී නීතිවල ආනුභාවයෙනි.

  • ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී මහින්ද රූබසිංහ විසින් කරන ලද සටහනකි

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

4 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago