Thursday, April 23, 2026
Homeවිශේෂාංගතමන් අලුත් ගී නොගැයීමට හේතුව නන්දා මාලිනිය පහදයි.

තමන් අලුත් ගී නොගැයීමට හේතුව නන්දා මාලිනිය පහදයි.

ඔබ ඇයි අලුත් ගීත නොගයන්නේ?
විශාරද නන්දා මාලිනිය මෙම ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර සමාජය, ජනමාධ්‍ය හා එක්ව යන ගමන කෙතරම් දුරට සංකීර්ණ ද යන්න ගැන සාරාංශයක් සපයනවා.

බ ඇයි අලුත් ගීත නොගයන්නේ? ඒක අඩුවක්‌ නොවේද?

සහතික ඇත්ත.ඒක ලොකු අඩුවක්‌..

ඒ කාලේ අපි වාර්ෂිකව අලුත් නිර්මාණ ඉදිරිපත් කළා. එදා අපිට ඉලක්‌කයකුත් තිබුණා. ඒත් අද තියෙන කලබැගෑනිය එක්‌ක එදා අපි වෙනුවෙන් නිර්මලව ලෝභ නැතිව අර්ථපතිත්වය දැක්‌වූ සමාගම් බංකොලොත්වෙලා. විද්යුත් නාලිකා තරගයකට පිවිසිලා. ඒ තරගය තුළ හොඳ දේට තියෙන ඉඩ අඩුයි. නැතිව අපි නිර්මාණ නොකරනවා නොවේ. ඒවා නාලිකාවලින් ඇහෙන්නේ නෑ. ඒ අයත් ඉතින් වෙළෙඳ ලෝකය එක්‌ක තරගයක්‌නේ. අපිට පෞද්ගලිකව විශාල මුදලක්‌ වැය කරන්නත් බෑ.

සංගත තැටියක්‌ හදලා පෙරළා පිරිපහදු කරලා රසිකයාගේ අතට දෙන්න ලොකු මුදලක්‌ වැය වෙනවා. මේ තාක්‍ෂණ දියුණුවත් එක්‌ක හොරු පිරිසකුත් බිහිවෙලා. අද අලුත් සංගත තැටියක්‌ වෙළෙඳපොලට දැම්මොත් පදික වේදිකාවේ ඒ සංගත තැටිය හොරට විකුණනව අඩු මුදලකට. රසිකයාට ලේබල් එක බලබලා නියම එක හොයාගන්න බෑනේ.

මේක තමයි ලොකුම ගැටලුව. මේකට විශාල හඬක්‌ අවශ්‍යයි.

උපුටා ගැනීමකි #නන්දාමාලනීගීත එකතුව

READ:   ලංකාවේ ගොළු බිහිරි පාර්ලිමේන්තුව - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්