දේශීය

මෙරටින් මෙතෙක් වාර්තා නොවූ සංචාරක පක්ෂියෙකු මෝනිං සයිඩ් ප්‍රදේශයෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ. ඔවුන් කුඩා වැහි ලිහිණි විශේෂයකි. දිලිසෙන කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තත් සුදු පැහැයට හුරු අළු පැහැති සිරුරේ යට කොටසත්, කැපී පෙනෙන සුදු පැහැති තලයක් සහිත වීමත් මොවුන් හඳුනාගැනීමට පහසුකරයි. 1850 වර්ෂයේ දී ප්‍රංශ ජාතික පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම වැහි ලිහිණි විශේෂය මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර ඇත.  දකුණු දිග ජපාන්‍ය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන ප්‍රදේශවල තම පැටවුන් බෝකරන මෙම පක්ෂි විශේෂය දකුණු ආසියාවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල, නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ දක්නට ලැබෙයි. එමෙන් ම ඔවුන් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වී ඇත. ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඊයේ මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබේ.

මෙය  Delichon dasypus හෙවත් Asian House Martin කුරුල්ලන් සංක්‍රමණික පක්ෂීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු වූ පළමු වාර්තාකිරීම බැවින් එය ලෝකයේ ම සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවකි. 

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

21 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

22 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago