පාකිස්ථානයේ සියල් කෝට්හි දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාර දියෝදන මහතාගේ නිවසට ඊයේ (04) ගිය ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරු ප්‍රියන්ත මහතාගේ බිරිද හා දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාතින්ට රජයේ ශෝකය පළ කළහ. පසුගිය සිකුරාදා (03) සියල්කෝට්හි වජිරා බාද් මාර්ගයේ දි මෙලෙස ඝාතනයට ලක් වුයේ ගම්පහ ගණේමුල්ලේ පදිංචි ප්‍රියන්ත කුමාර දියෝදන නැමැති 48 හැවිරිදි අයෙකි. ඔහු වසර 11 තිස්සේ පාකිස්ථානයේ සියල් කෝට්හි ක්‍රීඩා උපකරණ කර්මාන්ත ශාලාවක සේවය කර ඇති අතර ඝාතනයට ලක්වන නිට ඔහු එහි සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. ප්‍රියන්ත කුමාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි. ඔහුට වයස අවුරුදු 09 ක හා 14 ක පුතුන් දෙදෙනෙකු ද සිටි. ප්‍රියන්ත කුමාර මහතාගේ සොයුරා මෙහි දි ඇමතිවරු හමුවේ කියා සිටියේ සිය සහෝදරයා වසර 10 කට අධික කාලයක් මෙම කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ බවයි. ඉතා කුඩා කර්මාන්තශාලාවක් වු එම කර්මාන්තශාලාව වත්මන් දියුණු තත්ත්වයට ගෙන ඒම සදහා සිය සහෝදරයා ඉමහත් කැපවීමක් කළ බව ද ඔහු කිවේය. ඝාතනයට ලක් වු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස ද ඔහු ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. එම ස්ථානයේ දිම පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා ඇමතු නාමල් රාජපක්ෂ මහතා දේහය කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නයැයි ඉල්ලා සිටියේය. ඒ අනුව මේ වන විට දේහය රජයේ වියදමින් හෙට (06) ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට ගෙන්විමට කටයුතු යොදා තිබේ.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…