පකිස්ථානයේ සියල්කොට්හි දී දරුණු වධ හිංසනයට ලක් කර ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමට උත්සහ ගන්නා අවස්ථාවේ දී එම ක්‍රියාදාමයෙන් ඔහුව ආරක්ෂා කිරීමට උත්සහ ගත් පුද්ගලයෙකු පිළිබඳව මේ වන විට ලෝකයේ ම අවධානය යොමුව තිබෙනවා. පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔහුගේ නම malik adnan. ඔහු ගෙන ඇත්තේ මානවවාදී අතින් යහපත් හා මිත්‍රශීලී ක්‍රියාවක්.ඊටත් වඩා සුවිශේෂී වන්නේ අති අවදානමක් දරාගෙන නිර්භීතව ඊට මැදිහත් වීම බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඔහුගේ සත් ක්‍රියාව හා ඒ ජීවිත අවදානම දරාගෙන කළ කැපවීම වීඩියෝවක සටහන්ව තිබෙනවා. වරෙක සිය සිරුරෙන් ප්‍රියන්ත කුමාර නම් ඝාතනයට ලක් වු ශ්‍රී ලාංකිකයාව පලිහක් සේ ආවරණය කරන ආකාරය ද පසුව එය ව්‍යර්ථව යන ආකාරයද එහි සටහන්ව ඇති බව නිරීක්ෂණය වී ඇති අතර පාකිස්තාන අගමැතිවරයාගේ අවධානය ද මේ සඳහා යොමු වුණා. එරටින් වාර්තාවන අලුත් ම පුවත වන්නේ එම පුද්ගලයාගේ නිර්භීත ක්‍රියාව අගයමින් ඔහුට පාකිස්තාන රජය විසින් නිර්භීතකම උදෙසා පිරිනමන දෙවන ඉහළ ම සම්මානය පිරිනැමෙන බවයි. (Tamgha i Shujaat) ඒ බව ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලාංකිකයාගේ සිරුරට ගිනි තැබීමට උත්සහ කරන අවස්ථාවේ යම් පුද්ගලයෙක් එසේ නොකරන ලෙස ආයාචනය කරන ආකාරයක් ද වීඩියෝවක සටහන්ව තිබීම පාකිස්තාන මාධ්‍ය වාර්තාකර තිබුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…