(පාකිස්තානයේ වසර පහක පමණ කාලයක් විදෙස් වාර්තාකරුවෙකු ලෙස සේවය කර ඇති ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදී අර්ජුන රණවන මහතාගේ අදහස් ඇසුරින් මෙම වාර්තාව සම්පාදනය වේ)
පාකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතා සම්බන්ධ සිද්ධිය රාජ්‍ය තාන්ත්‍රිකව වැදගත් කරුණක්. අර්ජුන රණවන මහතා පවසන්නේ සාමාන්‍යයෙන් පාකිස්තානයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩාත් හොඳ සැළකිල්ලක් ඇති බවයි. එරට ඉහළ පෙළේ පාසල්වල විදුහල්පති තනතුරු ඇතුළු වගකිව යුතු තනතුරු ඇතැම් විට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්වන පසුබිමක මෙම ඝාතනය සිදුවීම විශේෂත්වයක් බව ඔහු පෙන්වා දෙනවා.
“කෙසේ වෙතත් පාකිස්තානයට මෙය ඉතාමත් ම සංවේදී කරුණක්”
ඔහු පවසනවා.
පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන ඩෝන් පුවත්පතේ කතුවැකිය ද අද වෙන්ව තිබුණේ ප්‍රියන්ත මහතා වෙනුවෙන්.
“අප රටට මෙය ලැජ්ජා සහගත කරුණක්”
ඩෝන් කතුවරයා අවධාරණය කර තිබුණා.
පසුගිය වසර පහ තුළ මෙවන් සිදුවීම් සියයකට ආසන්න සංඛ්‍යාවක් සිදුවී තිබෙන බව අර්ජුන රණවන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ඉස්ලාම් දහම අදහන ඇතැම් නිකායන් දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාකරන බවයි. අදාළ සිද්ධියට වගකිවයුතු වන්නේ එවන් TLP ලෙස හඳුන්වන කණ්ඩායමක් බව ඔහු පවසන්නේ එරට මාධ්‍ය වාර්තා මත පදනමි වෙමින්. පාකිස්තානයේ TLP කණ්ඩායම සාමාන්‍යයෙන් සැළකෙන්නේ එරට අන්තවාදී කණ්ඩායමක් ලෙසයි. කෙසේ නමුත් TLP ප්‍රකාශකයෙක් මෙම සිද්ධියට තම කණ්ඩායමේ සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති ඇතැම් සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් යටතේ නඩු පැවරීමට ඉඩ ඇති බව පංජාබ් පොලිසිය උපුටා දක්වමින් අර්ජුන රණවන මහතා අනාවරණ කළා. ඝාතකයන් පවසන්නේ කුරාණයට අවමන් කළ නිසා මෙවැනි ඉරණමක් ඔහුට අත් වූ බවයි. නමුත් පොලිසිය හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව, විදේශිකයන් පිරිසක් එදින කම්හල නිරීක්ෂණයට පැමිණීමට නියමිතව ඇති බැවින් යන්ත්‍රවල අලවා තිබූ සෑම ස්ටිකරයක් ම ඉවත් කිරීමට ඔහු සේවකයන්ට නියෝග කළ බව පැහැදිලි කරුණක්.
එරට මාධ්‍ය උපුටා දක්වමින් අර්ජුන රණවන මහතා පවසන්නේ එහි දී කර්මාන්තශාලාවේ බිත්තියේ අලවා තිබූ එක් පෝස්ටරයක් ප්‍රියන්ත මහතා ඉවත් කළ විට ඇතැම් සේවකයන් ඊට විරෝධය පළ කළ බවයි. එම පෝස්ටරයේ කුරාණයේ වැකියක් සටහන් කර තිබූ බව එම වාර්තාවල සඳහන්. මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සේවකයන්ගේ විරෝධය සමනය කිරීමට කම්හලේ හිමිකරු ද පැමිණ මැදිහත්ව තිබූ අතර පසුව ඇති වූයේ සාමකාමී තත්ත්වයක් බවයි. එහිදී ප්‍රියන්ත මහතා අදාළ පෝස්ටරය ඉරා දැමීම තමන් අතින් සිදු වූ අත්වැරදීමක් බව පවසා ඊට සේවකයන්ගෙන් සමාව ද ගත් බව පාකිස්තාන මාධ්‍ය උපුටා දක්වමින් අර්ජුන රණවන මහතා සඳහන් කළා. ඉන් අනතුරුව සේවකයන් විසිර ගොස් තිබුණා. වාර්තාවල දැක්වෙන්නේ, පසුව සංවිධාන වූ සේවක පිරිසක්, ප්‍රියන්ත මහතා වටකොට අනර්ථයක් කිරීමට උත්සහ ගෙන තිබු බවයි. ඒ මොහොතේ ඔහු කර්මාන්තශාලාවේ වහලයට නැග එම පිරිසෙන් බේරීමට තැත් කර තිබුණත් කර්මාන්තශාලාවට පිටින් පැමිණි පිරිසක් සේවකයන් සමඟ ප්‍රියන්ත මහතාට පහර දී තිබුණා. පසුව ඔහු ඝාතනය කෙරුණේ කුරිරු අන්දමින්.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…