Wednesday, April 22, 2026
Homeදේශීයවිදුලි බිඳවැටීම් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වැඩක්. - අමාත්‍ය ලොකුගේ

විදුලි බිඳවැටීම් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ වැඩක්. – අමාත්‍ය ලොකුගේ

දින කිහිපයක් තුළ නොසිතූ අයුරින් හදිසි විදුලි බිඳවැටීම් දෙකක් වාර්තා වීම පිටුපස ආණ්ඩුව ජනතා අපකීර්තියට පත් කිරීමේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් පවතින බව හොඳින් පැහැදිලි වන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක අවධියක පසුගිය 29 දා වූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක පසුබිමක නැවතත් එවැනිම බිඳවැටීමක් වාර්තා වීම පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට කළ ක්‍රියාවක් දැයි සැක මතු වන බවද ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ඊට අදාළ වාර්තාවක් තමන් වෙත දෙන මෙන් විදුලිබල මණ්ඩල පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් එම වාර්තාව මඟින් මෙය කඩාකප්පලකාරි ක්‍රියාවක් බවට කරුණු වාර්තා වුවහොත් ඊට සම්බන්ධ වූ සියලු පුද්ගලයන්ට ආයතන සංග්‍රහයේ නියෝග සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා දඬුවම් දෙන බවත් ඇමැතිවරයා කීය.

ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ වූ දෝෂයක් හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ (3) පෙරවරු 11.30 සිට හදිසි විදුලි බිඳවැටීමක් වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

මේ හේතුවෙන් රත්නපුර, කොළඹ, ගම්පහ, බදුල්ල, නුවර, අනුරාධපුර, මාතලේ සහ ගම්පොළ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටුණු බවත් එහෙත් පස්වරු 6.00ට පමණ වන විට සෑම ප්‍රදේශයකම විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත් කළ බවත් ලංකා විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි එම්.ආර්. රණතුංග මහතා ඊයේ (3) පැවසීය.

කෙසේ වෙතත් සිදු වූ බිඳවැටීම පැය කිහිපයක් ඇතුළත නිරාකරණය කිරීමට හැකියාව පැවැතුණද වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන වෘත්තීය සමිති පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහා අකාර්යක්ෂමව වැඩ කිරීම හේතුවෙන් යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වූ බවද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

READ:   ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්