Sunday, April 19, 2026
Homeවිශේෂාංගතිස්හත් වසරකට පෙර ඉන්දියාවේ බෝපාල් ගෑස් කාන්දුව හා එහි, අසල්වැසි දූපත් රාජ්‍යයේ...

තිස්හත් වසරකට පෙර ඉන්දියාවේ බෝපාල් ගෑස් කාන්දුව හා එහි, අසල්වැසි දූපත් රාජ්‍යයේ ඉරණම.

වසර තිස් හතකට පෙර දෙසැම්බර් මස ඉන්දියාවේ බෝපාල් නම් හුදෙකලා ගම්මානය හදිසි ගෑස් කාන්දුවක් හේතුවෙන් සොහොන් බිමක් බවට පත් වන්නේ ජීවිත විසිපන් දහසක් ද උදුරා ගනිමිනි. ඒ මානව ඉතිහාසයේ ලියැවෙන දරුණුතම කාර්මික අනතුරයි.

1984 දෙසැම්බර් 3 වැනි දා බෝපාල් නගරයට හිරු නැගෙද්දී සියල්ල සිදු වී හමාරය. යුනියන් කාර්බයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාව තුළ සාහසික අත්වැරැද්දක් සිදු වී තිබිණ. නිසි නඩත්තුවක් නොමැතිව, හුදු සිය ලාභය අරභයා පවත්වාගෙන් යමින් තිබු එහි වූ එක් ද්‍රව මෙතිල් අයිසොසයනේට් ගබඩා ටැංකියකට ජලය මුසු වෙමින් පැවතිනි. මෙනිසා හටගත් දරුණු ප්‍රතික්‍රියාවෙන් ටැංකිය තුල වූ උෂ්ණත්වය ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැගුණ ද කිසිවෙක් මේ පිළිබඳ දැනුවත් නොවන්නේ යුනියන් කාර්බයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාවේ හදිසි සීනු ක්‍රියා විරහිතව පැවතුණ බැවිනි. ටැංකිය තුළ තිබූ මෙතිල් අයිසොසයනේට් ද්‍රවය උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් වායුවක් වීම ඇරඹේ. සාමන්‍යයෙන් වායුවක පරිමාව ද්‍රවයක් පරිමාවට වඩා ප්‍රමාණාත්මකව වැඩි වන බැවින් ටැංකියේ පීඩනය ඉහළ ගොස් දුර්වල තැනකින් කාන්දු වීම ඇරඹිණ. කිසිවෙක් හෝ නොදැන බොහෝ වේලාවක් ටොන් 42 ක මෙතිල් අයිසොසයනේට් කාන්දු වී තිබිණ.

එය අසුරු සැණක කාලයකින් අලුයම අඳුරට තුරුල්ව නිදා සිටි සෑම සියලු දෙනාගේම පෙනහලු තුලට පිවිස එහි තුළ වූ අවසන් හුස්ම පොද උදුරා ගන්නේ සිත් පිත් නොමැතිවය. පළමු දින තුන තුළ දී වාර්තා වූ ක්ෂණික මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවූ අතර පසුව වාර්තා වූ ජීවිත හානි සංඛ්‍යාව දස දහසකට ආසන්නය. වසර තිහක් ගෙවෙන අද දක්වාම විස වායුවේ බලපෑම හේතුවෙන් , අතුරු ආබාධ සහිත දරු උපත් , අක්ෂි සහ ශ්වසන ආබාධ ආදිය දක්නට ලැබෙන්නේ යටගිය අතීතයේ අමිහිරි අත්දැකීම මතකයෙන් පලවා හැරීමට අවසර නොදෙමිනි.

ඉන්දියාවේ පැල්පත්වාසීන්ගේ ඉරණම එබඳු ය. නමුත් මෙම ඉතිහාසගත ඛේදවාචකයේ ප්‍රධාන වගඋත්තරකරුවා මෙන්ම වගකිවයුත්තා වන බොපාල් යුනියන් කාර්බයිඩ් සමාගමේ ප්‍රධානි ඇමෙරිකානු ජාතික වොරන් ඇන්ඩර්සන් අධිකරණයට ඉදිරිපත් වුයේ නැත. ඒ අභාග්‍යසම්පන්න සිදුවීමට දින දෙකකට පසු ප්‍රාදේශිය පොලීසියක් විසින් අත් අඩංගුවට ගන්නා ලද වොරන් අවශ්‍ය වූ විට යළි පෙනී සිටින බව පවසා ඇප ලබා ගත්තේය. ඉන්පසුව රහසේම ඉන්දියාවෙන් පළාගිය ඔහු කෙදිනකවත් ඉන්දියාවට පා තබන්නේ ද ඒ පිලිබඳ අදහසක් දක්වන්නේ ද නැත. ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයේ දුප්පත් බෝපාල් වැසියන් තිස් වසරක් මුළුල්ලේ දුක්ඛදායක ඉරණමකට මුහුණ පා සිටිද්දී ඇමෙරිකාවේ සුවපහසු ජීවිතයක් ගත කරන වොරන් ඇන්ඩර්සන් ව ඉන්දියාවට බාර දීම ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන්දියාවේ – ඇමරිකාවේ හෝ ලංකාවේ කියා වෙනසක් නැත.

එක් පසෙකින් බෝපාල් ඛේදවාචකය හමුවේ අපරාධකරුවන් සඟවාගෙන මුනිවත රකින – නමුත් අනෙක් රටවල් වල අපරාධ පිලිබඳ කිඹුල් කඳුළු හෙලමින් , බලහත්කාරකමින් මැදිහත්වන ඇමරිකාවය. අනෙක් පසින් අහේතුකව උදුරාගත් ජීවිත විසිපන්දහසකට යුක්තිය ඉටු කරගත නොහැකි – එනමුත් ක්‍රිකට් තරගයක් පැරදුණු සැණින් ක්‍රීඩකයන්ගේ නිවෙස් ගිනි තියන – නිළියකගේ නාභිය දුටු පමිණින් සිනමා ශාලා වටලන ඉන්දියාවය.

අනෙක් පසින් මේ කිසිවකට නොදෙවෙනි ශ්‍රී ලංකාවය.

  • සහන් කසීර වික්‍රමසිංහ විසින් ලියන ලද කාලීන වශයෙන් වැදගත් සටහනකි
READ:   ඉන්දු පාකිස්තාන් ගැටුමට සහෝදරත්වය ගෙනා කෝලි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්