දේශීය

අපේ පොල්, ‘සිලෝන් කොකනට්‘ නාමයෙන් ලොව පුරා ජනප්‍රිය කිරීමට පියවර

‘සිලෝන් කොකනට්‘ (Ceylon Coconut) සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට මේවන විට පියවර ගෙන ඇතැයි පොල් පර්යේෂණ මණ්ඩලය සදහන් කරයි.  එසේම 2023 වසර අවසන් වනවිට මෙරටට වැඩිම අපනයන ආදායමක් ගෙන එන බෝගය පොල් බවට පත්කිරීමට සැළසුම් සකස් කර තිබේ. ඒ සදහා දැනට කර්මාන්තය සදහා එකතුවන පොල් ගෙඩි මිලියන 1000ට අමතරව තවත් පොල් ගෙඩි මිලියන 1000ක් කර්මාන්ත සදහා ලබාදීමට ද සැලසුම් කර ඇත. ගෘහස්ථ පොල් පරිභෝජනයේ දී සියයට 30කට අධික ප්‍රමාණයක් නාස්තිවන අතර එය අවම කිරීම මගින් පොල් ගෙඩි මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක්ද, සත්ත්ව හා පළිබෝධ මගින් සිදුවන හානිය අවම කිරීම තුළින් පොල් ගෙඩි මිලියන 200ත් 300ත් අතර ප්‍රමාණයක්ද, තෙතමන සංරක්‍ෂණය, වැසි ජල කළමනාකරණය, පෝෂක ලබා දීම වැනි නිවැරදි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් එක පොල් වල්ලකින් එක ගෙඩියක් බැගින් වැඩි කිරීමෙන් ගෙඩි මිලියන 500ක 600ක පමණ ප්‍රමාණයක් ද කර්මාන්ත සදහා යොමු කර එම ඉලක්කය වෙත යාමට ද සැලසුම් කර තිබේ.  ඊට අමතරව අගය එකතු කළ නිෂ්පාදන වෙළෙඳපොලට හඳුන්වා දීමටත්, නව ගෝලීය වෙළෙඳපල සොයා ගැනීමටත්, යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉහළ නැංවීම සහ තොරතුරු තාක්‍ෂණය පොල් වගාව හා බද්ධ කිරීම මගින් තරුණ පරපුර ආකර්ශණය කර ගැනීමටත් මේවන විට කටයුතු ආරම්භ කර ඇත. මේ අතර “සෞභාග්‍යයේ කප්රුක‘ ජාතික වැඩසටහන ද පසුගියදා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ වැවිලි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.   

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago