දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය සහ තවත් මහජන පුස්තකාල 25ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරේ. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා අදාළ පළාත්පාලන ආයතන අතර ඊයේ(30 )සිදුකෙරිණ. නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලය ස්වයංක්‍රීය කිරීම මෙමගින් සිදුකෙරේ .
මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුලින් මහජනතාවට තමන්ට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීකෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන් කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත කොහා KOHA විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කෙරේ. අවශ්‍ය දත්ත ගබඩා කිරිම හා හුවමාරුව ලංකා රාජ්‍ය මේඝය (LGC) මගින් සිදු කෙරෙනු ඇත. මේ සදහා අවශ්‍ය තාක්ෂණික පද්ධති නිර්මාණය පුහුණු හා සේවා පහසුකම් සැපයීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය සපයයි. පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ඒ ඒ පළාත්පාලන ආයතන අවශ්‍ය ප්‍රතිපාදන හා මානව සම්පත් යොදවනු ඇත. මෙම නියාමන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් දිවයිනේ අනෙකුත් සියලුම පුස්තකාල එකම ජාලයකට සම්බන්ද කරගැනීම තුලින් වඩාත් පලදායි මහජන සේවාවක් සැපයීම ඩිජිටල් කරනයේ මුලික අපේක්ෂාව බව මෙහිදී ප්‍රකාශ කෙරින.
උපුටා ගැනීම : දිනමිණ පුවත්පතෙන්
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…