විශේෂාංග

ලංකාවේ ඇත්ත මුදල් ඇමති බැසිල් ද? පී.බී.ජයසුන්දර ද? රජිත් කීර්ති තෙන්නකෝන්

පී.බී.ජයසුන්දර අහුරාගෙන සිටි කෘෂි රසායන ආනයන ගැසට් නියෝගයට බැසිල් රට යන්නට පෙර අත්සන් කරලා

 කැබිනට් මණ්ඩලය, අමාත්‍යාංශ, පාර්ලිමේන්තුව වැනි වැදගත් ආයතනයන් ගන්නා තීරණ ක්‍රියාත්මක නොවන්නේ ලංකා ආර්ථික මෙහෙයවීමේ සර්ව බලධාරියා බවට ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර පත්ව ඇති නිසා බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසනවා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ කතාකල ඇමති මහින්දානන්ද කීවේ එදින සවස ගැසට් එක නිකුත් කළ හැකි බවයි. ඊට පෙර දින පුවත්පත් සාකච්ඡාවේදී එතුමා කීවේ ජනතා සංවේදී රජයක් ලෙස ගොවි ජනතාවට සවන් දී මැයි මාසයේ නිකුත් කරන ලද ගැසට්පත්‍රය ඉවත් කර ගන්නා බවයි. මේ ගැසට් එක ට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අත්සන් කළේ ඊයේ ය.  දැන් සතියක් මේ ගැසට් එක අත පසු කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ මුදල් අමාත්‍යාංශය නොව රටේ මුදල් තීරණ ගන්නා සර්ව බලධාරියා ලෙස කටයුතු කරන පී.බී.ජයසුන්දර යි.

ඒ අතර තුර, ආණ්ඩුව හාල් ආනයනය කළේය.  මහ කන්නයට අවශ්‍ය වල් නාශක ආනයනය නවතා පසේ සාරය වල්ගස් ටික උරා ගන්නා තෙක් සිටියේය.  මෙහි අනිවාර්ය ප්‍රතිඑලය දැන් ඇට්ටකුනා වෙමින් ඇති වී ගස් ටික අස්වැන්නක් නැති, පිදුරු බවට පත්වීමය. 

මේ වනවිට චීනය පොහොර අපනයනය තාවකාලිකව අත්හිටුවා ඇත. කෘෂි රසායන මිළ සීග්‍ර ලෙස ඉහළට යමින් පවතී. යුරෝපීය වෙළදපලේ පොහොර මිළද තුන් ගුණයකට වඩා ඉහළ ගොස් ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැන් ලබාදෙන ඇනවුම් ලබන පෙබරවාරියේදී පමණ නිෂ්පාදනය කිරීමට යම් ඉඩක් ඇති බවයි. මේ සියල්ල මැද රජය කල් මරමින් සිටියි. මෙයින් සිදුවන්නේ රටේ ජීවනාලිය බඳු ගොවියා හිඟමනට පත්කිරීමයි. ලෝකයේ විශාලතම නයිට්‍රජන් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේ ඇතිවන දැඩි නයිට්‍රජන් පොහොර හිඟය නිසා දැඩි ආහාර හිඟයක් පාර කැපෙන බවයි. ලෝකයේ බොහෝ රටවල් සිය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සැලසුම් යොදන මේ මොහොතේ ශ්‍රී ලංකාව දිගින් දිගටම කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැලසීම අතපසු කර සිටී.
ලංකා ආර්ථිකයේ සෑම අංශයක්ම හසුරුවනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය නොව ජනාධිපති ලේකම් විසිනි.  මහ කන්නයේ වගාව මේ වන විටත් විනාශ වී අවසන්.  ඉදිරි වගා කටයුතු සඳහා විශේෂයෙන්ම ජනවාරි සහ පෙබරවාරි මාසවල ලංකාවේ අතුරු භෝග වගාවට, උඩරට එළවළු වගාවට, තේ වගාවට අවශ්‍ය පොහොර සහ රසායන වර්ග ඉක්මනින් ගෙන්වීමට පියවර ගත යුතුයි.  එසේ නොමැතිව තවදුරටත් පොහොර – බෙහෙත් ආනයන ක්‍රියාවලියට බාධා පමුණුවන්නේ නම් මෙරට කෘෂිකර්මාන්තයේ දැවැන්ත බිඳවැටීමක් සිදුවී ආහාර අහේනියකට මාවත සැකසෙනු ඇත. 

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago