දේශීය

අපේ රතු එළිය, කැළෑ නීතිය ගෙන ඒමට එරෙහ‍ිවයි!අකුරට වැඩ දැඩි කරමින් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කියයි.

අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගය දැඩි කිරීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කළා ඒ අනුව අද සිට සවස 4.15න් පසු සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.

නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් මෙම තීරණයට ආ බව සඳහන් කරන ඔහු පවසනනේ මෙය නීතියේ ආධිපත්‍යය බිද වැටී කැළෑ නීතියට ගෙන ඒමට එරෙහි හඩක් බවයි.

“දැන් නීතිගරුක නිලධාරීන් මාරු කරන තත්ත්වයට පත්වෙලා. රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා. අපි අද වෙනකම් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක. ඒත් අපි 4.15න් පස්සෙත් සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණත් විදුලි බිඳවැටුම්වලට සහභාගී වුණා. පෙරේදා බිඳවැටීමත් අපි පැය එකහමාරක් ඇතුළත යථා තත්ත්වයට පත් කළා. අදින් පස්සේ 4.15න් පස්සේ බිඳවැටීම් සඳහා අපි මැදිහත් වෙන්නෙත් නෑ. මේක රටේ අනාගතය වෙනුවෙන් ගන්න පියවරක්.”

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

43 mins ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

24 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago