Sunday, April 19, 2026
Homeදේශීයඅපේ රතු එළිය, කැළෑ නීතිය ගෙන ඒමට එරෙහ‍ිවයි!අකුරට වැඩ දැඩි කරමින් විදුලිබල...

අපේ රතු එළිය, කැළෑ නීතිය ගෙන ඒමට එරෙහ‍ිවයි!අකුරට වැඩ දැඩි කරමින් විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය කියයි.

අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගය දැඩි කිරීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කළා ඒ අනුව අද සිට සවස 4.15න් පසු සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.

නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් මෙම තීරණයට ආ බව සඳහන් කරන ඔහු පවසනනේ මෙය නීතියේ ආධිපත්‍යය බිද වැටී කැළෑ නීතියට ගෙන ඒමට එරෙහි හඩක් බවයි.

“දැන් නීතිගරුක නිලධාරීන් මාරු කරන තත්ත්වයට පත්වෙලා. රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා. අපි අද වෙනකම් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක. ඒත් අපි 4.15න් පස්සෙත් සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණත් විදුලි බිඳවැටුම්වලට සහභාගී වුණා. පෙරේදා බිඳවැටීමත් අපි පැය එකහමාරක් ඇතුළත යථා තත්ත්වයට පත් කළා. අදින් පස්සේ 4.15න් පස්සේ බිඳවැටීම් සඳහා අපි මැදිහත් වෙන්නෙත් නෑ. මේක රටේ අනාගතය වෙනුවෙන් ගන්න පියවරක්.”

READ:   BREAKING NEWS: ධනුෂ්ක වැරදි නෑ!! - අධිකරණය තීන්දු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්