Friday, July 24, 2026
Homeදේශීයමාධ්‍යවේදීන් : මේ පුපුරන්න හේතුව මොකක්ද?" සමාගම් නිලධාරීන් : "කොහෙද පුපුරලා තියෙන්නෙ...

මාධ්‍යවේදීන් : මේ පුපුරන්න හේතුව මොකක්ද?” සමාගම් නිලධාරීන් : “කොහෙද පුපුරලා තියෙන්නෙ කියන්න”

ගිනි ගැනීම්, පිපිරීම් හා කාන්දු මැද ගෑස් ප්‍රශ්නය ගැන කතා කිරීමට, අදාළ සමාගම අද මාධ්‍ය හමුවක් පැවැත්වීමට පැමිණියා. මෙහිදී තම නිරවද්‍යතාව හා නිර්දෝෂීභාවය තහවුරු කිරීමට ගෑස් සමාගම උත්සහ කළත්, මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළේ කුමන සාධක මත එලෙස පවසන්නේද යන්නයි. දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වන සිදුවීම් ගැන සමාගම වගකීමභාර ගැනීමට සූදානම් වූයේ නැහැ. ගෑස් සිලින්ඩරය ගැනත් තම ආයතනයේ රෙගියුලේටරය ගැනත්, වගකීම භාර ගැනීමට හැකි වුවත්, වෙළඳපලෙන් මිලට ගන්නා බට ඇතුළු සෙසු නිෂ්පාදනවල ප්‍රමිතිය ගැන සමාගම ප්‍රශ්න කරනවා. ජනතාව වෙළඳපොලෙන් මිලට ගන්නා උපකරණ හෝ වෙනයම් දෝෂ මත මෙවැන්නක් වන බව සමාගමේ මතය වුණා.අවසානයේ පාරිභෝගිකයාගේ නොසැලකිලිමත්භාවය මත මිලට ගත් හා භාවිතා කරන උපකරණ චූදිතයන් බවට පත් කරමින් සමාගම නිර්⁣දෝෂී වීමට ගත් උත්සහය මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් මත ව්‍යර්ථ වූවද පිළිගත හැකි මට්ටමේ පිළිතුරක් ලැබුණේ නැහැ. මාධ්‍ය හමුව උණුසුම් ස්වභාවයක් ගත්තා ගෑස්වල තත්ත්වය සම්බන්ධව දැනට දේශීයව පළව ඇති වාර්තාව පිළිගැනීමට සමාගමේ නිලධාරීන් සූදානම් නොමැති අතර සමාගම ⁣දැනට වාර්තා ලබා ගන්නා ආයතනය හා එම වාර්තාව පරස්පර බැවින්, තුන්වන පාර්ශවයක් හරහා වාර්තාවක් ලබා ගැනීමට යොමු විය යුතු බව මෙහිදී පැවසුණා.

කෙසේ වෙතත් ඔවුන් වැදගත් කාරණයක් ඉල්ලා සිටියා. සිලින්ඩරයේ සීල් එක ගලවා දැමුවා නම් අනිවාර්යයෙන්ම රෙගියුලේටරයකට සවි කරන ලෙසයි එසේ නොමැති නම් “කැප්” වැස්ම සවි කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. එහිදී පෙන්වා දුන්නේ, සබන් පෙණ හෝ විවිධ උල් ආකාරයේ දෑ සිලින්ඩරය තුළට දැමීම නුසුදුසු බවයි.

අවසානයේ මෙහිදී මාධ්‍යවේදීන් විමසුවේ “කොහොම වුණත් මේ පුපුරන්න හේතුව මොකක්ද?” යනුවෙන්. එයට ප්‍රතිචාර වශයෙන් ඔවුන් ප්‍රතිචාර දැක් වූයේ, ” කොහෙද පුපුරලා තියෙන්නෙ කියන්න” යනුවෙන්. පුපුරා ඇත්තේ ප්‍රමිතියෙන් තොර රෝස පැහැ බට වර්ගයක් බව සමාගම් නිලධාරීන් පවසනවා. සිලින්ඩර පුපුරන්නේ නැති බවයි ඔවුන් පුන පුනා පවසන්නේ.

READ:   ඇමති අලි සබ්‍රී පැපුවා නිව්ගිනියාවේ විදේශ ඇමති හමුවෙයි

සමාගම් නිලධාරීන් : පුපුරලා තියෙන්නෙ රෝස පාට බට වගයක්.

මාධ්‍යවේදීන් : ඉතිං මීට කලින් තිබුණෙත් ඒ බටම නෙවෙයිද?

සමාගම් නිලධාරීන් ඇතැම් ප්‍රශ්න හමුවේ ගොළු වූ අතර පාරිභෝගිකයාට නිසි විසඳුම් පිළිතුරකින් තොරව මාධ්‍ය හමුව නිමා වුණා.

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්