Friday, April 24, 2026
HomeදේශීයLP ගෑස්වල ගඳක් නැත්නම්, ලීක් වෙද්දී දුගඳක් හැමීමේ හරි හේතුව මොකක් ද?

LP ගෑස්වල ගඳක් නැත්නම්, ලීක් වෙද්දී දුගඳක් හැමීමේ හරි හේතුව මොකක් ද?

ලංකාවේ ගෑස්‌ අලෙවි කරන ප්‍රධාන සමාගම් දෙකක්‌ තිබෙනවා. ගෑස්‌ සිලින්ඩර මිල දී ගැනීමේදී ඔබට අවශ්‍ය නම් ගෑස්‌ සිලින්ඩරය කිරා මැන බලා සිලින්ඩරයේ සඳහන් කර ඇති යකඩ බරට අමතර ව ගෑස්‌ නිවැරැදි බරට තිබෙනවා ද යන්න පිරික්‌සා බලන්නත් පුළුවන්. ගෑස්‌ සිලින්ඩරය මිල දී ගැනීමේ දී එහි මුද්‍රාව නො කැඩී තිබෙනවා ද යන්න පිරික්‌සා බැලීමට අමතර ව ගෑස්‌ සිලින්ඩරයේ කර හෝ බඳ ආශ්‍රිත ව යම් තෙත් ගතියක්‌ හෝ අසාමාන්‍ය සීතල ගතියක්‌ හෝ ඇත් ද යන්න පරීක්‌ෂා කර බලන්න. එබඳු ලක්‌ෂණයක්‌ ඇත්නම් එය ගෑස්‌ කාන්දුවක සලකුණක්‌ විය හැකි බැවින් සිලින්ඩරය මාරු කර ගන්න.

ගෑස්‌ උදුන

ගෑස්‌ උදුනක්‌ මිල දී ගැනීමේ දී ද තත්ත්වයෙන් ඉහළ උදුනක්‌ මිල දී ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේ ම ගෑස්‌ උදුන කිසියම් හෝ දෝෂ සහගත බවක්‌ දැක්‌වූ විට වහා ම එය නොසලකා නොහැර නැවත අලුත්වැඩියා කරගැනීමට කටයුතු කළ යුතුයි. ස්‌වයංක්‍රීය ගිනිදැල්වීමේ උපාංගය අක්‍රීය වූ විට ගිනිකූරකින් ගිනි දැල්වීමටත් උදුනේ දැල්ල මතුවන ගෑස්‌ විවර වලින් කොටසක්‌ ක්‍රියාත්මක නොවන විට පවා එය නො සලකා ඉවුම් පිහුම් කටයුතු කිරීමට අපේ සමහර ගෘහණියන් පුරුදු වී සිටිනවා. බැලු බැල්මට ගැටලුවක්‌ නොපෙනුනත් පසු කාලීනව ඔබ නොදැනුවත්වම ගෑස්‌ කාන්දුවක්‌ සිදුවීමට මෙබඳු අඩුපාඩු හේතු විය හැකියි.

රෙගියුලේටරය

වෙළෙඳපොළේ ඉතා අඩු මිල ගණනවලට සිලින්ඩරයට සම්බන්ධ කරන රෙගියුලේටර් මිල දී ගැනීමට තිබෙනවා. නමුත් ආවාට ගියාට රෙගියුලේටර් මිලට නො ගෙන ගෑස්‌ අලෙවි ආයතනයක්‌ හරහා හෝ වෙනත් ආයතනයක්‌ හරහා වගකීමක්‌ සහිතව උසස්‌ තත්ත්වයේ රෙගියුලේටරයක්‌ මිල දී ගැනීමට ඔබ වගබලාගත යුතුයි. ගෑස්‌ සිලින්ඩරයේ Psi (වර්ග අඟලකට රාත්තල්) 60-80ක පමණ පීඩනයකින් යුතු ව පවතින LP වායුව වර්ග Psi 0.4 දක්‌වා අඩු කර උදුන වෙත ලබා දෙන්නේ රෙගියුලේටරය මඟින්. එනිසා එය මනාව ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. සැම වසර පහකට වරක්‌ ම ඔබ සතු ව පවතින රෙගියුලේටරය ඉවත් කර අලුත් රෙගියුලේටරයක්‌ සවි කරන්නට මතක තබාගන්න. රෙගියුලේටරය සිලින්ඩරයට හොඳින් සම්බන්ධ වන්නේ නැත්නම් එය භාවිත කරන්න එපා. මෙබඳු බුරුල් රෙගියුලේටර උඩින් ගලක්‌ වැනි බරක්‌ තබා පාවිච්චි කරන්නට සමහරුන් කටයුතු කරනවා ඔබ දැක ඇති. මෙය භයානක අනතුරකට මුල පුරන්නක්‌ විය හැකියි.

READ:   BREAKING NEWS: වර්ජනයට සම්බන්ධ වූ විදුලි සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නැයි නියෝග

වායු බටය

එදිනෙදා පරිහරණයේ දී ඔබ කළ යුතු දැ

  • අධික තාපයකට හෝ ගිනිදැල්වලට හෝ නිරාවරණය වන තැනක ගෑස්‌ සිලින්ඩරය නො බන්න.
  • ගෑස්‌ බටය විවෘත ව පෙනෙන සේ තබන්න. එවිට එයට හානියක්‌ සිදු වුව හොත් ඔබේ ඇස ගැටෙනු ඇත.

ගෑස්‌ කාන්දුවක දී ඔබ කළ යුතු දේ

ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමෙන් තුවාල ලැබූ අය ගැන හෝ මිය ගිය අය ගැන විටින් විට පුවත් වාර්තා වනවා. නමුත් මේ ප්‍රකාශය බොහෝ විට එතරම් නිවැරැදි වන්නේ නැහැ. ඊට හේතුව ගෑස්‌ සිලින්ඩර මෙසේ පහසුවෙන් පුපුරා නො යැමයි. ගෑස්‌ සිලින්ඩරයක්‌ පුපුරා යැමට නම් එය සෘජු ව ම අධික තාපයකට නිරාවරණය විය යුතුයි. ගොඩනැඟිල්ලක්‌ ගිනිගත් විටෙක ආදී අවස්‌ථාවක මෙබඳු සිදුවීම් විය හැකියි. නමුත් නිවාස ආශ්‍රිත ව සිදු වන අනතුරුවල දී බොහෝ විට සිදු වන්නේ LP වායුව මිශ්‍ර වූ අවට ඇති වාතය ක්‌ෂණික ව දහනය වී පුපුරා යැමයි. එහි දී ගෑස්‌ සිලින්ඩරය පුපුරා යන්නේ නැහැ. වහා ගිනි ඇවිළෙනසුලු LP වායුව වාතයේ හොඳින් මිශ්‍ර වනවා. වාතයෙන් සියයට 2-10ක්‌ වැනි කුඩා ප්‍රමාණයක පවා එම වායුව මිශ්‍ර වූ විට එම වාතය දහනය වනසුලු වනවා. ජනෙල් දොරවල් වසා ඇති සංවෘත වටපිටාවක්‌ තුළ කාන්දුවක්‌ සිදු වන විට LP වායුව එක්‌රැස්‌ වී වාතය ඇති සැම තැනක ම පැතිර යනවා. විදුලි ස්‌විචයක්‌ දැල්වීමේ දී එහි අභ්‍යන්තරයේ නිකුත් වන කුඩා ගිනි පුළිඟුවකට පවා එම වායුව දහනය කළ හැකියි. ක්‌ෂණිකව සිදු වන මේ දහනයේ දී වාතය තැවරී ඇති සැම තැනක්‌ ම එකවර ගිනි ඇවිළෙනවා. ගෑස්‌ මගින් අනතුරට ලක්‌ වූවන් ගේ මුළු ශරීරය ම දැවී ගොස්‌ තුවාල වන්නේ මේ නිසයි.

කෙතරම් ආරක්‌ෂිත ව ගෑස්‌ උදුන් භාවිත කළත් සමහර විට ගෑස්‌ කාන්දු වීමක්‌ ඔබේ නිවසේ සිදුවිය හැකියි. එබඳු අවස්‌ථාවක දැනුවත්ව කල්පනාකරී ව හැසිරුණ හොත් සිදු වන්නට ඉඩ තිබෙන විශාල විනාශයක්‌ වළක්‌වාගත හැකියි. LP ගෑස්‌වල පවතින දුර්ගන්ධය නිසා ගෑස්‌ කාන්දු වීමක්‌ සිදු වී ඇති බවට වාතයේ ගඳින් අපට පහසුවෙන් හඳුනාගත හැකියි. මීට අමතරව සමහරවිට කාන්දුවන තැනින් සියුම් ශබ්දයක්‌ පැන නැගිය හැකියි. එබඳු අවස්‌ථාවක ඔබ අනුගමනය කළ යුත්තේ මෙබඳු ක්‍රියා පටිපාටියක්‌.

READ:   මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.
  • ගිනි පුළිගුවක්‌ හෝ ඇති වීමට ඉඩ තිබෙන කිසිදු දෙයක්‌ කරන්න එපා. කිසි ම විදුලි ස්‌විචයක්‌ ක්‍රියාත්මක කිරීමෙන් හෝ නිවා දැමීමෙන් වළකින්න. ජංගම දුරකථනය පවා භාවිත කිරීමෙන් වැළකිය යුතුයිs. ඒ, ඒ තුළ ඇති පරිපථ පවා තාපය ජනනය කිරීමට ඉඩ ඇති නිසයි.
  • දල්වා තිබෙන ගින්නක්‌ වේ නම් එය වහා නිවා දමන්න.
  • කාන්දුව සිදු වන්නේ බෙහෝ විට උදුනෙන් හෝ බටයෙන් විය හැකි බැවින් එය නැවැත්වීමට රෙගියුලේටර වෑල්වය off කරන්න.
  • සිලින්ඩරයෙන් ගෑස්‌ කාන්දු වන්නේ නම් එය එළිමහනේ කාන්දු වී අවසන් වීමට ඉඩ දී ඔබ ගේ අලෙවි නියෝජිතයා අමතා ඒ බව දැනුම් දෙන්න.

ගින්නක්‌ ඇවිලී ඇත්නම්

පිපිරීමක්‌ ඇති වන්නේ යම් කාලයක්‌ තිස්‌සේ වාතයෙහි එක්‌ රැස්‌ වූ LP වායුවට එක වර ගිනි ඇවිළීමෙනි. මීට අමතරව කාන්දුවකින් පිට වන LP වායු ධාරාවට ඒ මොහොතේ ම ගිනි ඇවිළී අඛණ්‌ඩව දැල්වෙන ගිනි දැල්ලක්‌ ඇති විය හැකි ය. මෙවැනි අවස්‌ථාවක ඔබ පළමුවෙන් කළ යුත්තේ ආරක්‌ෂිතව රෙගියුලේටර් වෑල්වය off කළ හැකි නම් එසේ කිරීමෙන් ගින්න නැවැත්වීමයි. රෙගියුලේටර් වෑල්වය වසා දැමිය නොහැකි නම් ගිනි දැල්ල පමණක්‌ නිවා දැමීමෙන් වළකින්න. මීට හේතුව එවිට කාන්දු වන ගෑස්‌ ධාරාව අඛණ්‌ඩව එකතු වී පිපිරීමක්‌ සිදු වීමට ඉඩ තිබීමයි. එබඳු අවස්‌ථාවක අවට ඇති වෙනත් ද්‍රව්‍යවලට ගිනි නො ඇවිළෙන පරිදි පාලනය කරගනිමින් කාන්දු වන එම වායු ධාරාව දහනය වී අවසන් වීමට ඉඩ හරින්න. මෙවැනි අවස්‌ථාවක සිලින්ඩරය සීතල කිරීමට පමණක්‌ එය මතට වතුර ඉසීම සිදු කළ හැකි ය.

ගෑස්‌ අනතුරු වැළක්‌වීම සඳහා නිර්මාණය කර ඇති ආරක්‌ෂක උපාංග

විදේශ රටවල මේ අරමුණ වෙනුවෙන් නිපදවා ඇති වඩාත් දියුණු උපාංග ද දැකිය හැකියි. ගෑස්‌ උදුනට සවි කෙරෙන flame faliure device නම් උපාංගය හරහා යම් විටෙක ගිනිදැල්ල නොමැති ව ගෑස්‌ පිට වේ නම් එය නතර කරනවා. මීට අමතර ව ගෑස්‌ කාන්දුවක්‌ සිදු වන විට එය හඳුනාගෙන අනතුරු ඇඟවිය හැකි ඉලෙක්‌ට්‍රොනික උපාංග ද විදේශ වෙළෙඳපොළේ දැකිය හැකියි.
 
මොනව ද මේ LP ගෑස්‌?

READ:   2022 උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දැනුම් දෙයි

LP ගෑස්‌ හෙවත් ද්‍රව පෙට්‍රොaලියම් වායුව (Liquefied Petroleum Gas-LPG) ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රොපේන් (C3H8) හා බියුටේන් (C4H10) අඩංගු හයිෙඩ්‍රාකාබන වායු මිශ්‍රණයක්‌. විෂ රහිත, නිර්ගන්ධ, ගිනි ගන්නාසුලු මේ වායුව වාතයට වඩා බරින් වැඩි අතර කාමර උෂ්ණත්වයේ දී වායුවක්‌ ලෙස පවතිනවා. LP වායුව ස්‌වාභාවික ගෑස්‌ නිධිවලින් මෙන්ම පෙට්‍රොaලියම් පිරිපහදු කිරීමේ කිරීමේ ක්‍රියාවලියේ අතුරු ඵලයක්‌ ලෙස ද නිපදවා ගැනෙනවා. මෝටර් රථ ධාවනයට හා ශීත රටවල නිවාස උණුසුම් කිරීමට ආදියට ද භාවිත වන LP වායුව අපේ රට ඇතුළු ආසියාතික රටවල බහුලව භාවිත වන්නේ ඉවුම් පිහුම් කටයුතු සඳහායි මීට අමතරව අධික තාපයකින් යම් යම් ද්‍රව්‍ය දහනය කිරීමට අවශ්‍ය පෝසිලේන් නිශ්aපාදනය, යකඩ පෑස්‌සුම් කර්මාන්ත ආදී කර්මාන්ත ඇතුළු තවත් විවිධ කර්මාන්ත ගණනාවක්‌ සඳහා මෙම වායුව යොදා ගැනෙනවා. ස්‌වභාවිකව ගඳක්‌ නොදරන LPGවලට කාන්දුවකදී පහසුවෙන් අඳුනා ගැනීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ දී ethyl mercaptan (ethannethiol) නම් අධික දුගඳ හමන වායුවක්‌ එක්‌ කෙරෙනවා. අධි පීඩනය යටතේ ද්‍රව බවට පත් කර ගෑස්‌ සිලින්ඩරවලට ඇතුළු කෙරෙන LPG, ගෑස්‌ සිලින්ඩරය තුල පවතින්නේ ද්‍රව වායු අවස්‌ථා දෙකෙහිම සමතුලිතයක්‌ ලෙසයි. රෙගියුලේටරයක්‌ (නියාමකයක්‌) හරහා පීඩනය අඩු කොට එහි ඇති වායුව එදිනෙදා ප්‍රයෝජනයට යොදාගැනෙනවා.

දමිත් නිපුණජිත් සැකසූ වසර කිහිපයකට ඉහත විදුසර සඟරාවේ පළ වූ මෙම ලිපිය, කාලීන අවශ්‍යතාව හා වැදගත්කම මත පළ කරන ලදී.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්