Monday, July 27, 2026
Homeදේශීයරෝග ව්‍යාප්තිය වළක්වන, කොල පැහැ එලවළු සේදීමේ නව තාක්ෂණයක්..

රෝග ව්‍යාප්තිය වළක්වන, කොල පැහැ එලවළු සේදීමේ නව තාක්ෂණයක්..

• සලාද සහ කොළ පැහැති එළවළු වගා කිරීමේදී, අස්වනු නෙලීමේදී, සකස් කිරීමේදී සහ වෙළඳාමේදී හානිකර බැක්ටීරියා මගින් ආසාදනය විය හැකි අතර එමගින් ආහාර විෂවීම් වරින් වර ලොව පුරා ඇතිවී තිබේ. නැවුම් සලාද වල ක්ෂුද්‍රජීවීන් ප්‍රමාණය අඩු කිරීම සඳහා වෙනත් පිසීමේ ක්‍රියාවලියක් නොමැති හෙයින්, සේදීම සැපයුම්කරුට සහ පාරිභෝගිකයාට ඉතා වැදගත් වේ.

• සබන්, ඩිටර්ජන්ට්, විරංජක හෝ වෙනත් විෂබීජ නාශක යොදා මෙම ආහාර සේදීම නිර්දේශ කළ නොහැකි අතර පත්‍ර මතුපිට ඇති ඉරිතැලීම් නිසා සරල ජලයෙන් සේදීමෙන් පසුව වුවද කොළ මතුපිට ක්ෂුද්‍ර ජීවීන් ඉතිරි විය හැක.

• මෙම නව අධ්‍යයනයේදී, වගාබිම් වලින් සෘජුවම ලබාගත් නිවිති කොළ පිරිසිදු කිරීමට විද්‍යාඥයන් අන්වීක්ෂීය වායු බුබුළු සහ ධ්වනි තරංග සහිත ජල ධාරා යොදාගෙන ඇත.

• මෙම ක්‍රමයේ දී එම ජල ධාරාවන් කොළ මතුපිටට ගෙන යන අතර එහිදී ධ්වනි තරංග පත්‍ර මතුපිට හා ඉරිතැලීම් තුළ අනුනාදයන් ඇති කරමින් ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කිරීම සිදුකරන බව මේ තාක්ෂණය සොයාගැනීම සඳහා නායකත්වය දුන් සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිමෝති ලෙයිටන් මහතා විසින් පැහැදිලි කරන ලදී.

• මෙම පිරිසිදු කිරීමේ ක්‍රමය මගින් කොළ වලට කිසිදු හානියක් සිදු නොවන අතර ආහාර වල කල් තබා ගැනීමේ හැකියාව හා ආර්ථිකමය වටිනාකම වැඩි කරමින් තිරසාර භාවිතයන් සඳහා උපකාරීවේ .

Courtesy : Food Science and Technology Association – USJ

READ:   කෝප් සභාපතිගේ අංග චලනයට හිටපු සභාපතිගෙන් කනේ පහරක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්