මෙනුගි මනුල්යා කුඩා දියණිය Sri Lankan Top 100 Awards 2021 හිදී සම්මානයට පාත්‍ර වුණා. රූපලාවණ්‍ය ශිල්පී පවුලක උපන් ඇය කුඩා කල සිට ම රූපලාවණ්‍යට ඇල්මක් දක්වමින් එය ප්‍රගුණ කර එහි දක්ෂතා දක්වන වයස අවුරුදු දහයක පමණ කුඩා දරුවෙක්.
අන්තර්ජාලයෙන් හා මවගෙන් මෙම ශිල්පය පිළිබඳව ලැබුණු ගුරුහරුකම් ඇය මෙම ක්ෂේත්‍රයේ සම්මානනීය තරුවක් බවට පත්කර අවසන්. මෙලෙස සම්මානයට පාත්‍ර වන ශ්‍රී ලංකා ඉතිහාසයේ ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිණිය ඇයයි. ඇගේ මව ඉන්දුමාලා රාජපක්ෂ වන අතර ඇයද අද සම්මානයට පාත්‍ර වුණා. ඇගේ පියා වන්නේ මංජුල හරස්ගමයි. දියණියව ද කැටුව මේ ගමන ඒමට සිය ස්වාමියාගෙන් ලැබුණු ශක්තිය පිළිබඳව මෙනුගි දියණියගේ මව පවසන්නේ මෙවන් අදහසක්..
“මම අද යම් තැනක ඉන්නවානම් ඒ ඔයා නිසා… මේ ගමන මම තනියෙන් ආවා නම් මේ හැටි දුරක් මට එන්න ලැබෙන්නෙ නෑ… මේ ගමන පුරාවටම මට ශක්තියක් වුනේ ඔයා…. කිසිම දෙයක් නිසා මට වැටෙන්න ඉඩ දුන්නෙ නෑ… හැමදාම මාව දිරිමත් කලා…මට විතරක් නෙවෙයි…. දැං අපෙ දුවටත්… ඒ නිසා මේ සම්මානය අයිති මට වඩා ඔයාට…. මේකෙ නියම අයිතිකරු වෙන්නෙ ඔයයි”
-ඉන්දුමාලා රාජපක්ෂ
මෙනුගි මනුල්යා දියණිය සිටින්නේ ගිනස් වාර්තාවක් තැබීමටද සූදානම්වයි. Sri Lankan Top 100 Awards 2021 හිදී ජ්‍යෙෂ්ඨ හෙදි පුෂ්පා රම්‍යානි සොයිසා ද සම්මානයට පාත්‍ර වී තිබුණා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…