දේශීය

ඇසිදිසි සන්නිවේදනයේ දක්ෂයන් විශිෂ්ටයන් ලෙස නම් කළ සම්මාන රාත්‍රියක්.

රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල අද මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා.ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී. ⁣විශිෂ්ට මාධ්‍යකරණයක නිරත වූ විශිෂ්ටයන් රැසක් අද රාජ්‍ය සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා. අංශ ගණනාවකින් ඔවුන් මෙසේ පිදුම් ලැබුවේ රටේ ජනතාවගේ දැනුම තොරතුරු හා රසවින්දනය සමඟ කෙරෙන ගනුදෙනුව නිසි ආකාරයෙන් ඉටු කිරීමේ කාර්යභාරය වෙනුවෙන්.

සිරස මාධ්‍ය ජාලයට මෙ⁣හිදී හිමි වූ සම්මාන අතර ප්‍රශස්තම ප්‍රවෘත්ති වාර්තාකරණය ( දමිළ ) වෙනුවෙන් රාසතුරෙයි ජෙයරූබන් ද, ප්‍රශස්තම නිවේදිකාව ( ඉංශ්‍රිසි ) සඳහා වූ සම්මානය, බර්නඩීන් ජයසිංහ වෙතද හිමි වුණා. එහිදී සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයට ම අදාළ හොඳ ම පූර්ණ පටයට හිමි සම්මාන යුගල ම දිනා ගැනීමට එක් නිෂ්පාදකවරයෙකු සමත් වීම විශේෂත්වයක්. සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් එම සම්මාන ද්විත්වය හිමි කර ගත්තේ මනෝජ් රත්නායකයි.

එහිදී දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් ටෝක් විත් චතුර වැඩසටහනට අදාළ සම්මානය සුමින්ද තාරක දිනා ගත්තේ ප්‍රශස්තම කතිකාමය වැඩසටහන වෙනුවෙන්.ඉංග්‍රීසි අංශයේ ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය අද දෙරණ වෙනුවෙන් මහේෂ් ජොනී හිමිකරගත්තා. ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන ස්ටෝරි ඔෆ් චැම්පියන්. ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) වසන්ති නානායක්කාරයි.

සිරස ටීවී නාළිකාවේ සංචාරේ වැඩසටහනට ජුරියේ විශේෂ සම්මානයක් රොහාන් ඩිරෙක්ස්ට හිමි වූ අතර ස්වර්ණවාහිනී නාළිකාවද සම්මානයට පාත්‍ර වුණා.ගවේෂණාත්මක වාර්තාකරණයට හිමි සම්මානය හිමි වුණේ එම නාළිකාවටයි. ප්‍රශස්තම කාලීන වැඩසටහන් ගෙන ඒම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය සම්මාන දිනා ගත්තා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

20 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago