රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙල අද මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා.ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී. විශිෂ්ට මාධ්‍යකරණයක නිරත වූ විශිෂ්ටයන් රැසක් අද රාජ්‍ය සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා. අංශ ගණනාවකින් ඔවුන් මෙසේ පිදුම් ලැබුවේ රටේ ජනතාවගේ දැනුම තොරතුරු හා රසවින්දනය සමඟ කෙරෙන ගනුදෙනුව නිසි ආකාරයෙන් ඉටු කිරීමේ කාර්යභාරය වෙනුවෙන්.
සිරස මාධ්‍ය ජාලයට මෙහිදී හිමි වූ සම්මාන අතර ප්‍රශස්තම ප්‍රවෘත්ති වාර්තාකරණය ( දමිළ ) වෙනුවෙන් රාසතුරෙයි ජෙයරූබන් ද, ප්‍රශස්තම නිවේදිකාව ( ඉංශ්‍රිසි ) සඳහා වූ සම්මානය, බර්නඩීන් ජයසිංහ වෙතද හිමි වුණා. එහිදී සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයට ම අදාළ හොඳ ම පූර්ණ පටයට හිමි සම්මාන යුගල ම දිනා ගැනීමට එක් නිෂ්පාදකවරයෙකු සමත් වීම විශේෂත්වයක්. සිරස මාධ්‍ය ජාලය වෙනුවෙන් එම සම්මාන ද්විත්වය හිමි කර ගත්තේ මනෝජ් රත්නායකයි.
එහිදී දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් ටෝක් විත් චතුර වැඩසටහනට අදාළ සම්මානය සුමින්ද තාරක දිනා ගත්තේ ප්‍රශස්තම කතිකාමය වැඩසටහන වෙනුවෙන්.ඉංග්‍රීසි අංශයේ ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටයට හිමි සම්මානය අද දෙරණ වෙනුවෙන් මහේෂ් ජොනී හිමිකරගත්තා. ප්‍රශස්තම ක්‍රීඩා වැඩසටහන ස්ටෝරි ඔෆ් චැම්පියන්. ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) වසන්ති නානායක්කාරයි.
සිරස ටීවී නාළිකාවේ සංචාරේ වැඩසටහනට ජුරියේ විශේෂ සම්මානයක් රොහාන් ඩිරෙක්ස්ට හිමි වූ අතර ස්වර්ණවාහිනී නාළිකාවද සම්මානයට පාත්‍ර වුණා.ගවේෂණාත්මක වාර්තාකරණයට හිමි සම්මානය හිමි වුණේ එම නාළිකාවටයි. ප්‍රශස්තම කාලීන වැඩසටහන් ගෙන ඒම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය සම්මාන දිනා ගත්තා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…