දේශීය

පාර්ලිමේන්තු ආරක්ෂාවේ මිලියන 19ක වැඩේ 7කින් බේරා ගැනේ..

දේශීය වශයෙන් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සදහා ප්‍රදානය කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂක කටයුතු තහවුරු කිරීම පිණිසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් නිෂ්පාදිත ආරක්ෂක උපකරණ තොගය භාර දීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සිදු වූ බව කතානායක කාර්යාලය සඳහන් කළා.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙම උපකරණ තොගය භාරදීම සිදුවිය. ගුවන් ආරක්ෂක කටයුතු තහවුරු කිරීම සදහා භාවිත කරන ප්‍රතිඩ්‍රෝන ක්‍රියාකාරී පද්ධතියක් සහ ආරක්ෂක සන්නිවේදන උපාංග මෙම උපකරණ තොගයට ඇතුළත්.
මෙම උපකරණ තොගය ආනයනය කළේ නම් ඒ සදහා රු. මිලියන 19 කට ආසන්න මුදලක් වැය වන බවත්, ආරක්ෂක අමාත්‍යාංශය මගින් දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ සදහා වැයවී ඇත්තේ රු. මිලියන 7 කට ආසන්න මුදලක් බැවින් විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
දියුණු තාක්ෂණයෙන් යුතුව දේශීය වශයෙන් නිෂ්පාදිත මෙම උපකරණ තොගය ලබා දීම පිළිබද ගරු කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ආරක්ෂක අංශ වෙත සිය ස්තුතිය පළ කළේය. එසේම මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ආරක්ෂක අංශ මෙන්ම වෙනත් ජාතික අවශ්‍යතා සදහා දියුණු තාක්ෂණික මට්ටමේ උපකරණ නිෂ්පාදනයටත් එමගින් ජාතික ධනය සුරැකීමටත් ආරක්ෂක අංශවලට හැකියාව ඇති බවයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා අනුයුක්ත සියලු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් 2020 වසරේ ජූලි මස පැවති ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයේදී හදුනාගත් ආරක්ෂක අවශ්‍යතාවකට අනුව මෙම උපකරණ තොගය ලබා දීම සිදුවිය

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago