දේශීය

විවේචන ආවත්, ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදු වෙනවා. -ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒවා විවේචනයට ලක්වුව ද නුදුරු අනාගතයේදී ම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමි වනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි.කෙටිකාලීන අර්බුද ජය ගත් පසු ආර්ථික සහන උදා කර ගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින්.ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළ ම සහ අද්විතීය ම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩි ම දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ. 2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර වුණා.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 hours ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

6 hours ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

19 hours ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

19 hours ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

1 day ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

1 day ago