දේශීය

පොරොන්දු වූ සියලු මාර්ග ව්‍යාපෘති නියමිත කාලයේදීම නිම කරනවා.. -මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි. දිවයිනේ සියලුම අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කොට ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කර ඇති බව ද ලේකම්වරයා කියා සිටි.“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීහු සාකච්ඡාවට එක් වූහ.ජනතාව ඉමහත් උනන්දුවකින් බලා සිටින මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටි. ත්‍රිකුණාමලය කින්නියා, කුරුඤ්ඤන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව ද පැවසීය.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago