“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිතුමා ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි. දිවයිනේ සියලුම අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කොට ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කර ඇති බව ද ලේකම්වරයා කියා සිටි.“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය. ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීහු සාකච්ඡාවට එක් වූහ.ජනතාව ඉමහත් උනන්දුවකින් බලා සිටින මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි. වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටි. ත්‍රිකුණාමලය කින්නියා, කුරුඤ්ඤන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බව පැවසූ ලේකම්වරයා මාර්ග සංවර්ධනය අධිකාරියට අයත් නොවූව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කුරුඤ්ඤන්කේනි පාලම මාස නවයක් ඇතුළත ඉදිකිරීමට උපදෙස් දුන් බව ද පැවසීය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…