දේශීය

නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති

“පොරොන්දු වූ ආකාරයට වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබාදෙන අභියෝගය භාර ගත් බවත් කොවිඩ් වසංගතය, වර්ෂාවේ බලපෑම් හා, සමහර විට ඇතැම් නිලධාරීන්ගේ කැපවීමක් නොතිබූ නිසා එය කල්දැමීමට සිදුවු බව ⁣ජනාධිපතිවරයා පවසනවා. නමුත් එය ප්‍රතිපත්තියක් වශයෙන් එය ඉදිරියට ගෙන යන බව ද හෙතෙම සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව කැලණි පාලම ”කල්‍යාණි රන් පිවිසුම” නමින් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, විරුද්ධ පක්ෂය පාලනයෙන් ඉවත්ව ගිහින් තවමත් ගතව ඇත්තේ අවුරුදු දෙකක් පමණක් බවයි.

“නමුත් ඔවුන් කතා කරන්නේ ජීවිතේට රට පාලනය කරපු කට්ටියන් නෙවෙයි වගේ.”

“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ?
ඒ පිරිස බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිදු ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය වුණා. ඔවුන් පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.”    
“ජනතාව රැවටෙන්නට එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”  ජනාධිපතිවරයා තව දුරටත් අදහස් දක්වමින් එසේ පවසා සිටියා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

4 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

5 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago