දේශීය

නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති

“පොරොන්දු වූ ආකාරයට වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබාදෙන අභියෝගය භාර ගත් බවත් කොවිඩ් වසංගතය, වර්ෂාවේ බලපෑම් හා, සමහර විට ඇතැම් නිලධාරීන්ගේ කැපවීමක් නොතිබූ නිසා එය කල්දැමීමට සිදුවු බව ⁣ජනාධිපතිවරයා පවසනවා. නමුත් එය ප්‍රතිපත්තියක් වශයෙන් එය ඉදිරියට ගෙන යන බව ද හෙතෙම සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව කැලණි පාලම ”කල්‍යාණි රන් පිවිසුම” නමින් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළේ, විරුද්ධ පක්ෂය පාලනයෙන් ඉවත්ව ගිහින් තවමත් ගතව ඇත්තේ අවුරුදු දෙකක් පමණක් බවයි.

“නමුත් ඔවුන් කතා කරන්නේ ජීවිතේට රට පාලනය කරපු කට්ටියන් නෙවෙයි වගේ.”

“පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ?
ඒ පිරිස බලයට ඇවිත් බුද්ධි සේවාව නැති කරලා, රණවිරුවන්ව නැති කරලා, මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිදු ප්‍රමුඛත්වයක් නොදී රට පාලනය කරන්න ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය වුණා. ඔවුන් පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. එවකට හිටිය ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඒකට වගකියන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ගිය ආණ්ඩුව වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපි ඇඟිලි ගහන්නෑ. ඒක අධිකරණය කරයි. හැබැයි කඩිනමින් කරන්න ඕනේ නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා ඒ වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒක නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න වෙයි.”    
“ජනතාව රැවටෙන්නට එපා. මම හොඳ නැත්තම්. ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය විපක්ෂය ද? ඒ අයට නැවත බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නෑ කියලා මම හොඳින් දන්නවා.”  ජනාධිපතිවරයා තව දුරටත් අදහස් දක්වමින් එසේ පවසා සිටියා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

20 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

7 days ago