දේශීය

කෘතිම පොහොර භාවිතය සීමා කිරීම සෞඛ්‍ය ගැටලු අඩු කර ගැනීමට හේතුවක් වේවි – ජනපති

දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් ජනපති කියයි

  • අප සිටින්නේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි:
  • දේශගුණික විපර්යාසයන්ට අප කඩිනමින් විසඳුම් සෙවිය යුතුයි:

කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් හෙයින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමටද හේතු වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ඊයේ (27) එක්වෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (27) පැවැත්විණි.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ්‍රි ලංකාව උත්සාහ කරන බවත් ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමඟ පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව රාජපක්ෂ මහතා කීය.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.

දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් -19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කිරීමට සභාපතිවරයා විසින් මේ ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.

සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කිරීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීමට අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය.

අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි.

ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුයි. අන්තර්ජාතික වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම – නායකයකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.

dinamina

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 hours ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

9 hours ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

2 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

3 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

3 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

3 days ago