දේශීය

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ගරු.සිරිල් ගාමිණී පියනමට එරෙහිව පැමිණිල්ලක්

2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද් ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අද දින (2021.10.25 දින) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලදී.

එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ 2021.10.23 දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශ කර තිබුනි. ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයකුවූ මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බවයි.

සිරිල් ගාමිණි පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියළු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම සියලු චෝදනාවන්⁣ගේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම ඔහුගේ කීර්තිනාමයට හානි කිරීමත්, ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලීමත් බවයි. තවද එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන්හටද නැවත පිලිසකර කළ නොහැකි හානියක් සිදුකරන බවයි. ඔහුගේ පැමිණිල්ලෙහි ඔහු නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම්වූහෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බවයි.

එබැවින් සිය පැමිණිල්ලෙන් මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිට ඇත්තේ සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව දැන ගැනීමට ඇත

Sri Lanka Catholic News

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 hours ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

11 hours ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

2 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

3 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

3 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

3 days ago