Thursday, April 23, 2026
Homeදේශීයකඩවත නිවසක ගින්නකින් අඹුසැමි යුවළක් මරුට

කඩවත නිවසක ගින්නකින් අඹුසැමි යුවළක් මරුට

කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක උඩුමහලේ අද ඇති වූ ගින්නක් හේතුවෙන් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබේ.

මිය ගිය අඹුසැමි යුවළ වයස අවුරුදු 53 සහ 57 යන වයස්වල පසුවන ඇල්දෙණිය, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනය කරනු ලබයි.

READ:   ලිස්ටීරියා රෝගය ගැන වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්