දේශීය

කොරෝනා බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බව එස්.බී. කියයි

කොරෝනා පිළිබඳ මහා මරණ බියක් ජනතාවගේ සිත් තුළ ඇති නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කොරෝනා එලෙස බිය විය යුතු මාරාන්තික රෝගයක් නොවන බවයි.

”මරණ බය මරණයට ප්‍රධාන හේතුවක්. මරණ වැඩිවීමට ඒ්ක නිසා මේක එහෙම බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙවෙයි”

කොරෝනා වැළඳෙන ආසාදිතයින් 81 %ක් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සුව වන බවත් 14 %කට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වා සුවය ලබන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, ඒ් අනුව ආසාදනය වන පුද්ගලයින්ගෙන් 95%ක්ම සුවය ලබන බවයි.

ආසාදිතයින්ගෙන් 5% ක් පමණක් අසාධ්‍ය තත්ත්වයට පත්වන බවත් ඉන් ද 3%ක් සුවය ලබන බව ත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

තව ද මන්ත්‍රීවරයා පැවුසවේ, ලෝකයේ කොවිඩ් මරණ අනුපාතය 2.3% වන විට ලංකාවේ මරණ අනුපාතය 1.9% පමණක් බවයි.

ලෝකයේ කොරෝනා අධික ලෙස පැතිරි තිබූ පසුගිය මාස කිහිපයක ලොව රටවල් කිහිපයක් ආශ්‍රිතව මරණ පිළිබඳ සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිත මරණ පවතින්නේ 6 වන ස්ථානයට බවත් තවමත් ලෝකයේ කොරෝනා මරණ පවතින්නේ 6 වන ස්ථානයේ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඒ් අනුව කළබලයකින් තොරව විවෘත කර වෛද්‍ය උපදෙස් ද අනුගමනය කරමින් ප්‍රවේසමෙන් රට ඉදිරියට ගෙන යා යුතුය යන්න තමාගේ පෞද්ගලික අදහස බව මන්ත්‍රීවරයා පැවසී ය.

”එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව , නවසීලන්තය කරන දේවල් අපිට කරන්න බෑ. අපි විශාල විදේශ විනිමය ගැටලුවක ඉන්නෙ”

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago