දේශීය

මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.63ක් ජපානය භාවිතයෙන් ඉවත් කරයි

මොඩර්නා එන්නතෙහි ‘අපද්‍රව්‍ය’ ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එම එන්නතේ මාත්‍රා මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබේ.

ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ, මොඩර්නා එන්නත අඩංගු ඇසුරුම් 560,000ක් පමණ තිබූ එන්නත් තොගයක අපද්‍රව්‍ය තිබී හමුවූ බවය.

අදාළ එන්නත් මාත්‍රා තොගය භාවිතය අත්හිටුවීමට එම එන්නත් අලෙවි කරන Takeda Pharmaceutical සමාගම පියවර ගෙන තිබේ.

මේ අතර, Moderna සමාගම පවසා ඇත්තේ, සිය එන්නත සම්බන්ධයෙන් ආරක්ෂාව හෝ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ගැටලුවක් මතු වී නොමැති බවය.

කෙසේ වෙතත්, ජපානයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් Takeda Pharmaceutical සමාගම සහ ජපාන ඖෂධ නියාමන ආයතනය සමග සාකච්ඡා කරන බව ද එම සමාගම පැවසීය.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

17 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

17 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago