මොඩර්නා එන්නතෙහි ‘අපද්‍රව්‍ය’ ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එම එන්නතේ මාත්‍රා මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබේ.
ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ, මොඩර්නා එන්නත අඩංගු ඇසුරුම් 560,000ක් පමණ තිබූ එන්නත් තොගයක අපද්‍රව්‍ය තිබී හමුවූ බවය.
අදාළ එන්නත් මාත්‍රා තොගය භාවිතය අත්හිටුවීමට එම එන්නත් අලෙවි කරන Takeda Pharmaceutical සමාගම පියවර ගෙන තිබේ.
මේ අතර, Moderna සමාගම පවසා ඇත්තේ, සිය එන්නත සම්බන්ධයෙන් ආරක්ෂාව හෝ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ගැටලුවක් මතු වී නොමැති බවය.
කෙසේ වෙතත්, ජපානයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් Takeda Pharmaceutical සමාගම සහ ජපාන ඖෂධ නියාමන ආයතනය සමග සාකච්ඡා කරන බව ද එම සමාගම පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…