දේශීය

මංගල ගැන හිටපු ජ‍නපතිනිය මුහුණු පොතේ තැබු සංවේදී සටහන

මංගල – මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය..

මේ අඳුරු දිනයේ ඔබ ජීවිත සටන පරාජය වී ඇත.

ඔබේ ඥාතීන් සහ මිතුරන් ඔබව ජීවත් කිරීමට ඔබ සමග සටන් කළහ. කඳුළු සැලූහ. අපි ද ඒ සටහ පැරදුණෙමු.
මංගල, ඔබ මිය ගොස් නැත. ලංකාව සහ ලෝකය පිළිබඳ ඔබ තුළ පැවති අසාමාන්‍ය දර්ශනය ජීවත් වනු ඇත.
අපි උරෙනුර ගැටී කළ සටන සදාකල්හි ජීවත් වනු ඇත.

ආදරණීය මංගල, වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු වන සෑම සටනකම ඔබ ජීවත් වනවා නිසැකය.

නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් – දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි.

අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැඟී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන් තුළ ඔබ ජීවත් වනු ඇත.

විවිධ කැබිනට් අමාත්‍ය ධුර දරමින් අප දේශය වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය මම සදා සමරමි. ජාතික සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ඔබ නායකත්වය ලබා දුන්නේය.

අඳුරු අගාධයකට ඇද දමා තිබුණු අප රටේ විදේශ සබඳතා විශාල වශයෙන් යළි දියුණු කළ ඔබ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව කරා යළි ගෙන යමින් ප්‍රෞඪ සහ ශක්තිමත් දේශයක් බවට අප රට පත් කළේය.

මේ සියල්ල ඔබ සිදු කළේ මහා අභියෝග සහ අවධානම්වලට නොබියව මුහුණ දෙමිනි.

මේ සියලල්ටම වඩා වැඩියෙන් ඔබ තුළ වූ පෞද්ගලික ප්‍රතිපත්ති සහ ගතිගුණ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සොයා ගැනීමට නොහැකි තරම් ය.
පරම්පරා ගණනාවක් ඉදිරියට ද අප තාරුණ්‍යය ඔබ විසින් අභිප්‍රේරණය කරනු ඇත.
ආදරණීය මිතුර, ශක්තිමත්ව සැතපෙන්න.

නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ-අප සිහින දුටු වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න.

මීට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

16 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

16 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago