දේශීය

මංගල ගැන හිටපු ජ‍නපතිනිය මුහුණු පොතේ තැබු සංවේදී සටහන

මංගල – මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය..

මේ අඳුරු දිනයේ ඔබ ජීවිත සටන පරාජය වී ඇත.

ඔබේ ඥාතීන් සහ මිතුරන් ඔබව ජීවත් කිරීමට ඔබ සමග සටන් කළහ. කඳුළු සැලූහ. අපි ද ඒ සටහ පැරදුණෙමු.
මංගල, ඔබ මිය ගොස් නැත. ලංකාව සහ ලෝකය පිළිබඳ ඔබ තුළ පැවති අසාමාන්‍ය දර්ශනය ජීවත් වනු ඇත.
අපි උරෙනුර ගැටී කළ සටන සදාකල්හි ජීවත් වනු ඇත.

ආදරණීය මංගල, වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු වන සෑම සටනකම ඔබ ජීවත් වනවා නිසැකය.

නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් – දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි.

අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැඟී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන් තුළ ඔබ ජීවත් වනු ඇත.

විවිධ කැබිනට් අමාත්‍ය ධුර දරමින් අප දේශය වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය මම සදා සමරමි. ජාතික සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ඔබ නායකත්වය ලබා දුන්නේය.

අඳුරු අගාධයකට ඇද දමා තිබුණු අප රටේ විදේශ සබඳතා විශාල වශයෙන් යළි දියුණු කළ ඔබ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව කරා යළි ගෙන යමින් ප්‍රෞඪ සහ ශක්තිමත් දේශයක් බවට අප රට පත් කළේය.

මේ සියල්ල ඔබ සිදු කළේ මහා අභියෝග සහ අවධානම්වලට නොබියව මුහුණ දෙමිනි.

මේ සියලල්ටම වඩා වැඩියෙන් ඔබ තුළ වූ පෞද්ගලික ප්‍රතිපත්ති සහ ගතිගුණ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සොයා ගැනීමට නොහැකි තරම් ය.
පරම්පරා ගණනාවක් ඉදිරියට ද අප තාරුණ්‍යය ඔබ විසින් අභිප්‍රේරණය කරනු ඇත.
ආදරණීය මිතුර, ශක්තිමත්ව සැතපෙන්න.

නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ-අප සිහින දුටු වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න.

මීට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago