Wednesday, September 16, 2026
Homeදේශීයකොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට

කොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට

පසුගිය සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉන් ඉහත සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපේක්ෂව 75%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි. 

අද (අගෝස්තු 24) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව අවධාරණය කළ වෛද්‍යවරිය, එළඹෙන සතිවලදී මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු 3ක් පෙන්වා දුන්නාය. 

ඒ අනුව ඇය සඳහන් කළේ, 

– එන්නත් ලබා නොගත් 60ට වැඩි පුද්ගලයින් ඇතුළු අනෙකුත් අය ලැබෙන ප්‍රථම අවස්ථාවේදී එන්නත ලබාගැනීම

– තමා සහ අන් අයට රෝගය නොවැළඳෙන පරිද්දෙන් ඇඳරි නීති සමයේදී කටයුතු කිරීම

– කොවිඩ් රෝග ලක්ෂණ ⁣සම්බන්ධයෙන් දැනුවත් වීම          

වැදගත් වන බවය.

READ:   මාධ්‍ය මර්දනය නැවැත්විය යුතුයි - DJC
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්