Wednesday, September 16, 2026
Homeදේශීයරට වසා දැමීම ගැන මෙතෙක් තීරණය කර නැහැ - කෙහෙළිය රඹුක්වැල්ල

රට වසා දැමීම ගැන මෙතෙක් තීරණය කර නැහැ – කෙහෙළිය රඹුක්වැල්ල

ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වෙමින් තිබේ.

රට සති කිහිපයකට හෝ වසා තබන ලෙස මල්වතු – අස්ගිරි පාර්ශවවල මහ නාහිමිවරුන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ඇතුළු පාර්ශව රැසක් ද ඉල්ලීම් කර ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, රට වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ද සඳහන් කළේ, රට වසා දැමීම සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව ය.

READ:   දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක ඉක්මවා බිලියන 50ක අතිරේක බදු ආදායමක් උපයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්