Sunday, April 19, 2026
Homeදේශීයහෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 26 දෙනෙකුට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 26 දෙනෙකුට කොරෝනා

කොවිඩ් රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ, ආසාදිතයින් අතර හෙද හෙදියන් 9 දෙනෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් 6 දෙනෙකු මෙන් ම ලිපිකරුවන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වන බව ය.

එම පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනෙකු මෙන් ම සුළු සේවකයෙකු ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

වෛද්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ, වෛරසය ආසාදනය වුණු සුළු සේවකයන් දෙදෙනෙකු පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බවත් ය.

READ:   සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්