Wednesday, July 22, 2026
Homeදේශීයඔක්සිජන් ආනයනය ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

ඔක්සිජන් ආනයනය ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

මෙරටට දැනට මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,000ට අමතරව තවත් වෛද්‍ය ඔක්සිජන් 360,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පැතිර යන කොරෝනාවෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමට හැකි වන පරිදි මෙම තීරණය ගෙන ඇත.

කොවිඩ්-19 අසාධ්‍ය රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සඳහා ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි.

READ:   BREAKING: පාස්කුවේ සියලුම සාක්කි කාරයෝ රට ඇරලා! - කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්