Sunday, April 19, 2026
Homeදේශීයජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ජනතාවට පණිවිඩයක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ජනතාවට පණිවිඩයක්

කොවිඩ් රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයෙක් ළඟින්ම ඇසුරු කර ඇත්නම් හෝ මාස 03ක් ඇතුළත විදෙස් සංචාරයන්හි නිරතවී ඇත්නම් රුධිර පාරවිලයන මාධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් වළකින ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රුධිරය හෝ රුධිර සංඝටක මගින් කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකවතහවුරු නොවුණ ද කොවිඩ් රෝගියෙකුගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව පවතින බැවින් එය වළක්වා ගැනීම සඳහා මේ ඉල්ලීම කරන බව වෛද්‍යවරයා පැවසීය.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා මේ බව කියා සිටියේ කොවිඩ් 19 වසංගත හමුවේ රුධිර පාරවිලයන මාධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවට අද (13) එක්වෙමිණි

රුධිරය ලබාගැනීමේදී බෝවන රෝග 05ක් පිළිබඳව පරීක්ෂණයක් කරනු ලැබේ. පරීක්ෂයේ ප්‍රතිපලයට කොව්ඩ් එන්නත මගින් බලපෑමක් සිදුවීමට ඉඩ ඇති බැවින් කොව්ඩ් 19 වළක්වා ගැනීම සඳහා කවර හෝ එන්නතක් (පළමු හෝ දෙවන මාත්‍රාව) ලබාගෙන සතියක් ඉක්මනොවූ පුද්ගලයන්ගෙන් රුධිරය ලබා නොගන්නා බව ද ලක්ෂමන් එදිරිසිංහ මහතා පැවසුවේය. 

දිනමිණ

READ:   සී.බී. පළමුවැනියා වෙයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්