ක්‍රීඩා

පළමු T 20 තරගයේ ජය ඉන්දියාවට.

ආර් ප්‍රෝමදාස පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 5කට ලකුණු 164ක් ලබාගත්තා.

ඉන්දීය ඉනිමේ පලමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට දුශ්මන්ත චමීර සමත් වුණා. ඒ ප්‍රිතිව් ෂෝගේ කඩුල්ල ලබාගනිමින්.

ෂිකර් ධවාන් ලකුණු 46ක් සහා සුරියකුමාර් වේගවත් ලකුණු 50ක් ලබාගත්තා.දුෂ්මන්ත චමීර සහා වනිදු හසරංග කඩුලු 2ක බැගින් දවාගත්ත අතර, අකිල දනංජයගේ පන්දුවාර 3ට ලකුණු 40ක් ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.

ශ්‍රී ලංකා කන්ඩායමේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස මුලු ලකුණු 23දී මිනෝද් භානුක දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා.අවිශ්ක ප්‍රනාන්දුද ලකුණු 26කට දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක වේගවත් ලකුණු 44ක් ලබාගත්තේ පන්දු 24කින්. දසුන් චානක ලකුණු 16කය දැවී ගිය අතර බලාපොරොත්තු තබා සිටි පිතිකරුවන් වන චමික කරුණාරත්නට අද ලබාගැනීමට හැකි වුනේ ලකුණු 3ක් පමණයි.
අශේන් බණ්ඩාර පන්දු 18කදී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණයි.

ශ්‍රි ලංකා කන්ඩායම මුලු ලකුණු 126කට දැවී ගියා.ඒ අනුව පළමු තරගයේ ජය ලකුණු 38කින් ඉන්දීය කන්ඩායම හිමි කරග්තා.

ශ්‍රී ලංකා කන්ඩායමේ පැවති දුර්වලතාවයක් වුයේ පන්දු යවන්නන් තමන්ගේ කාර්‍ය හරිහැටි කරත් තරගයක් දිනවිය හැකි පිතිරුවන් නොමැති වීමයි.
තරගාවලියේ 1ට 1ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.


මේ අතර ජාත්‍යන්තර විස්තර විචාරකයින් පැවසුවේ ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක ඉලක්කයක් නොතිබුණත් ඉන්දීය පන්දු යවන්නන් තමන්ගේ කාර්ය නිසි ලෙස ඉටු කර ඇති බවයි.මේ ජයග්‍රහනයට එරට අගමැතිවරයාද සුභ පතා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ මුහුණ දුන් 6 වැනි ටී.20 තරගය මෙය වන අතර පිට පිටම ලැබු 5වැනි පරාජයද මෙය වනවා.

නමුත් ඉන්දීය කන්ඩායමේ නායක ෂිකර් දවාන් පැවසුවේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගියන් පවර් ප්ලේ අවස්ථාවේ ඔවුන්ට ලකුනු 50ක් ලබාගැනීමට හැකිවීම තරගයට යලි අවතීරණය වීමට හැකි වුණ බවයි.

Recent Posts

Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe

Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…

18 hours ago

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…

3 days ago

ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – ස්ථාවර තැන්පතු 10ක කෝටි 18ක්

චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…

3 days ago

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…

4 days ago

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

4 days ago