මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටියදී ඔහු ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වැනි වසරේ දානමය පින්කම විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී පෙරේදා (2) සිදු කෙරිණි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ ඡායාරූපයකට පහන් දල්වා ඔහුගේ සොහොන ඉදිරියේ ද ආගමික වතාවත් ඉටු කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා පවුලේ පිරිස සමඟ දානමය පින්කමට සහභාගී වී තිබේ.
පොලිස් සැරයන්වරයා මියගිය පසුව ඔහුගේ දරුවන් දෙදෙනාට පියකු මෙන් සලකන මෙම විනිසුරුවරයා ඔවුන්ගේ සියලු අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බලයි.
2017 ජූලි 22 වැනි දින යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වූයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමිනි.
පොලිස් සැරයන්වරයා මියගිය දිනයේදී ඔහුගේ බිරියගෙන් සමාව ඉල්ලීමට තරම් සංවේදී වූ මෙම නිහතමානී ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා දැනට ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් සේවය කරයි.
දිනමිණ
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…