Saturday, April 18, 2026
Homeදේශීයපොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ සිවු වැනි දානමය පින්කම

පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ සිවු වැනි දානමය පින්කම

මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා යාපනයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටියදී ඔහු ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා විසින් තබන ලද වෙඩි පහරකින් මියගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වැනි වසරේ දානමය පින්කම විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී පෙරේදා (2) සිදු කෙරිණි.

මියගිය පොලිස් සැරයන්වරයාගේ ඡායාරූපයකට පහන් දල්වා ඔහුගේ සොහොන ඉදිරියේ ද ආගමික වතාවත් ඉටු කළ ඉලන්චෙලියන් විනිසුරුවරයා පවුලේ පිරිස සමඟ දානමය පින්කමට සහභාගී වී තිබේ.

පොලිස් සැරයන්වරයා මියගිය පසුව ඔහුගේ දරුවන් දෙදෙනාට පියකු මෙන් සලකන මෙම විනිසුරුවරයා ඔවුන්ගේ සියලු අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බලයි.

2017 ජූලි 22 වැනි දින යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු වූයේ විනිසුරුවරයා ඉලක්ක කර ගනිමිනි.

පොලිස් සැරයන්වරයා මියගිය දිනයේදී ඔහුගේ බිරියගෙන් සමාව ඉල්ලීමට තරම් සංවේදී වූ මෙම නිහතමානී ඉලන්චෙලියන් මහාධිකරණ විනිසුරුවරයා දැනට ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු වශයෙන් සේවය කරයි.

දිනමිණ

READ:   ත්‍රස්තවාදී පුහුණු පන්ති ගිය අයකු පාස්කු අත්අඩංගුවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්