Saturday, April 18, 2026
Homeදේශීයශ්‍රී ලංකාව කොවිඩ්වලින් ආරක්ෂිත බවට ප්‍රවර්ධනය අරඹයි

ශ්‍රී ලංකාව කොවිඩ්වලින් ආරක්ෂිත බවට ප්‍රවර්ධනය අරඹයි

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
සංචාරක ඇමතිවරයා සහ විදේශීය රටවල සිටින මෙරට තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන් අතර සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණ බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
රජය මේ දිනවල එන්නත්කරණයට වැඩි අවධානයක් යොමු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වනු ඇති බවත් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකවීමත් සමඟ කොවිඩ් වසංගතයට පෙර පැවැති තත්ත්වයටම සංචාරක ව්‍යාපාරය නැවත ගෙන ඒම සංචාරක අමාත්‍යංශයේ අරමුණ බවත් ඇමතිවරයා පවසයි.
ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ට විශේෂ සහන පැකේජ හඳුන්වාදීම පිණිස ගුවන් සේවා සමාගම් සමග ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා තානාපති හා මහකොමසාරිස්වරුන්ට දැනුම් දී ඇත්ති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

READ:   කොවිඩ් ප්‍රතිකාර සඳහා පශ්චාත් උපාධි අපේක්ෂිත වෛද්‍යවරුනුත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්