අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ කටයුතුවලදී තෝරා ගත් අධිකරණ 42ක් සම්පූර්ණ ඩිජිටල්කරණය කිරීමට කටයුතු යොදා ඇති බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඊයේ (06) අධිකරණ අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් පැවැසීය.
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අධිකරණ ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් 2023 වර්ෂය වන විට නව උසාවි 50ක් ස්ථාපනය කරන බව එහිදී පැවසූ ඇමතිවරයා නඩු ඉක්මනින් අසා අවසන් කිරීමට අධිකරණ ක්ෂේත්‍රයට ලබා දිය යුතු උපරිම යටිතල පහසුකම් ලබා දෙන බවත් මේ වන විට අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අක්කර 6ක භූමි ප්‍රමාණයක නව අධිකරණ සංකීර්ණයක් ඉදිවෙමින් පවතින බවත් ඇමතිවර්යා එහිදී පැවසීය.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…