Sunday, April 26, 2026
Homeදේශීයසංචරණ සීමා හෙට ලිහිල් කෙරේ

සංචරණ සීමා හෙට ලිහිල් කෙරේ

සංචරණ සීමා හෙට(21) අලුයම 4.00ට ලිහිල් කෙරේ.

සීමාවන්ට යටත්ව රට හෙට විවෘත කෙරෙන බව පොලිසිය සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද කාර්යාල සඳහා ගෙන්වා ගත හැක්කේ අවම සේවක සංඛ්‍යාවක් පමණි. නි‍වසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති පිරිස් සේවා සඳහා යොදා ගත හැකිය. පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යා හැකි අතර, සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ. නිරෝධානයට අදාළ අනෙකුත් නියෝග ද එලෙසම පිළිපැදිය යුතු අතර පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකය. ඒ අනුව, පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂ කරුණක් සඳහා පමණි. සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් ආදිය සඳහා අවසර හිමි නොවන අතර, පොදු ස්ථානවල සමූහයක් ලෙස ගැවසීම ද නොකළ යුතුය.

READ:   BREAKING NEWS: එස්.එම් දිසානායක මව්බිම රනින් සරසයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්