Thursday, September 10, 2026
Homeදේශීයපියුමිට - චන්දිමාල්ට ඇප

පියුමිට – චන්දිමාල්ට ඇප

නිරෝධායන රීති හා සංචරණ සීමා කඩ කරමින් කොළඹ තරු හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුකොටගෙන අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (31) මුදා හැර තිබේ.
අදාළ සාදයට සම්බන්ධ වූ පොලිස් නිලධාරියාට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන නඩුව ලබන අගෝස්තු මස 27 වැනිදා අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.

READ:   ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන නිර්දේශය ඉවතට?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්