දේශීය

බුද්ධ ධර්මය රකිනවැයි කියන පාලකයින් අපරාධවලට ඉඩ දෙන කාලයක්

බුදුන් වහන්සේගේ ධර්මය සුරකින බවට ව්‍යාජ ප්‍රකාශ කරමින්ද ජනමාධ්‍ය මගින් ව්‍යාජ සංදර්ශන ඉදිරිපත් කරමින්ද ජනතාව රවටන පාලකයින් අපරාධවලට, සොරකම්වලට, සදාචාර පිරිහීම්වලට සමාජය තුළ ඇති ඉඩ නොඅවුරවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව නිවේදනය කර ඇත.
එම නිවේදනය පහතින්,


ශ්‍රී ලාංකේය පමණක් නොව මුළු ලෝකයේම බෞද්ධ ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් වූ සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිණිවන් පෑම සිදුවූ වෙසක් පුන් පොහොය දිනය අදට යෙදී තිබේ. අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ විශිෂ්ට ප්‍රතිපත්ති සමුදායක් බෞද්ධ දර්ශනය විසින් ලෝකයට පෙන්වා දෙනු ලබයි.
මෙවර මැයි 26වැනි දින වෙසක් පොහොය දිනය එළඹෙන්නේ මුළු ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් පීඩා විඳිමින් සිටින දෙවැනි වසර ගතකරමින් සිටියෙදීය. එබැවින් සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටී නිවෙස්වලට සීමා වී ගතකිරීමට සිදුව ඇති මොහොතක බෞද්ධ බැතිමතුන්ට සුපුරුදු ආගමික වතාවත්වල නිරතවීමට නොහැකිවී ඇති නමුත් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත් එහි දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට එය බාධාවක් නොවනු ඇතැයි අපි සිතමු.
වර්තමානයේදී ශ්‍රී ලාකේය සමාජය තුළ බුදු බණෙන් දවස ආරම්භ කොට බුදු බණෙන්ම දවස හමාර කරන විශා පිරිසක් සිටියද රට තුළ සිදුවන අපරාධ හා සමාජ විරෝධී හැසිරීම් පවතින්නේ දිනෙන් දින ඉහළ යමිනි. බුද්ධ දේශනාවේ ඉගැන්වීම් අනුව රටක් තුළ අපරාධ වැඩි වන්නේත් සොරකම් ඉහළ යන්නේත් ආධ්‍යාත්මික හා සදාචාර පිරිහීම් ඇතිවන්නේත් රට සහ එහි වෙසෙන ජනතාව ආර්ථික වශයෙන් දිළිඳු වීම නිසාය. පවතින ආර්ථික තත්වය තුළ බෞද්ධ බැතිමතුන්ට බුදු දහමින් පෝෂණය වූ පෞද්ගලික හා සමාජීය ජීවිතයකට සමීපවීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.
බුදුන් වහන්සේගේ ධර්මය සුරකින බවට ව්‍යාජ ප්‍රකාශ කරමින්ද ජනමාධ්‍ය මගින් ව්‍යාජ සංදර්ශන ඉදිරිපත් කරමින්ද ජනතාව රවටන පාලකයෝ අපරාධවලට, සොරකම්වලට, සදාචාර පිරිහීම්වලට සමාජය තුළ ඇති ඉඩ නොඅවුරති; එහෙත් ඒ වෙනුවට ඔවුහු එවැනි ක්‍රියාවන්හි නිරත තම හිතවතුන් චෝදනාවලින් මුදවාලනවා පමණක් නොව තමන්මත් වංචාවේත් දූෂණයේත් යෙදෙමින් රටත් ජනතාවත් තව තවත් ආර්ථික වශයෙන් කඩා වට්ටවන පියවර ගනිමින් සිටිති. රට ආර්ථික වශයෙන් ඉහළ නංවා එහි ප්‍රතිලාභ ජනතාවට හිමිකරදීමට පියවර නොගන්නා මෙවැනි අදූරදර්ශී පාලකයින් සිටිනා තාක් තවත් වෙසක් පොහොයන් හැත්තෑතුනක් ගතවුවද ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් නොවනු ඇත.
මේ තත්වය තුළ අපේ අපේක්ෂාව වන්නේ, බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන පරිසරයක් ගොඩනගාගැනීමටත් එවැනි සමාජයක් ඇති කරගැනීම සඳහා පවතින බාධා ඉවත් කර ගැනීමටත් ලාංකේය බෞද්ධ ජනතාව මෙම වෙසක් දිනයේ අධිෂ්ඨාන කර ගනු ඇතැයි යන්නය.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2021.05.26

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

1 day ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

1 day ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago