Wednesday, April 22, 2026
Homeදේශීයජනතාව රට විකුණන්නට ආණ්ඩුවට බලය දී නැහැ

ජනතාව රට විකුණන්නට ආණ්ඩුවට බලය දී නැහැ

රට විකිණීම සඳහා රජයට ඇටෝනි බලපත්‍රයකින් ජනතාව බලය පවරා දී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර්යි.
ඊයේ (18) සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
“අපි මේ කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ප්‍රධාන අර්බුද තුනක් දකිනවා. මුලින්ම දේශපාලන අර්බුදය සලකා බලන්න ඕනෑ. මේ වන විට ලෝකයේ විවිධ භූ දේශපාලන කලාපවල ආර්ථික සහ දේශපාලනික බලවතුන් අතර ගැටුම් තිබෙනවා. අපේ රට ලෝකයේ අඩු ආදායම්ලාභී පරිධියේ තියෙන රාජ්‍යයක්. මේ නිසා කිසිදු බලවතුන්ගේ කඳවුරකට ලැදියාවක් නොදැක්විය යුතුයි කියන එක අපේ ස්ථාවරයයි. අනිසි ලෙස එක කඳවුරකට ලැදියාවන් දක්වන්නේ නම් අනෙක් පාර්ශ්වයන්ගෙන් විවිධ බලපැම් එල්ල වෙනවා. මේ පෝට් සිටිය කියන්නෙ අපේ රටේ ආර්ථික දේශපාලනික උපායමාර්ගයක් අනුව හැදෙන එකක් නෙවෙයි කියලා අපි පැහැදිලි කළා. එය චීන ආර්ථික දේශපාලන උපායමාර්ගයේ කොටසක්. මෙය ලබා දීමෙන් අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ තුලනය බිඳ වැටෙනවා.”

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්,

READ:   අනුර කුමාර කථානායකගේ කාර්යභාරය සිහි කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්