Categories: දේශීය

කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නැහැ – ප්‍රසන්න රණතුංග

මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දි රජයේ නිළධාරීන්ට කොවිඩ්  එන්නත ලබාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ්  වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින අතරතුර වුව ද පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට රජය උත්සාහ දරන්නේ  රටේ අනාගතය සහ ආර්ථිකය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් සහිත ව බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :

චීනයෙන් අපට ලැබුණු එන්නත් ලක්ෂ හයෙන් මේ වෙනකොට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් එන්නත්කරණය කරලා තිබෙනවා.තවත් ලක්ෂ දෙකක වගේ ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුළ එන්නත් කිරීමට කටයුතු කරනවා.  දිවයිනේ සෑම  ප්‍රදේශයකටම  සංචාරණ සීමා පනවා  ඇතත් බස්නාහිර පළාතේ සෑම එම්.ඕ. ඒච් කාර්යාලයකම වෛද්‍යවරු යොදාගත් ආකාරයටම  එන්නත ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු කරනවා.  ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට මේ වෙනකොට පලමු මාත්‍රාව ලබා දී අවසානයි. ඉදිරි සති කිහිපය තුලදී  දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා රජය  කටයුතු කරමින් සිටිනවා.  ගම්පහ දිස්ත්‍රික්කයට පළමු අදියරේ සයිනොෆාම් එන්නත එක්ලක්ෂ දහදාහකට  ආසන්න ප්‍රමාණයක් ලැබුණා. දෙවැනි අදියරේත් එවැනි ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. දැන් මේ වෙනකොට ඇස්ට්‍රා සෙනිකා එන්නත ලක්ෂ හතරකට පමණ එන්නත් කොට තිබෙනවා. මේ ආකාරයෙන් ජනගහනයෙන් සියයට 55කට  පමණ එන්නත ඉතා කඩිනමින් ලබාදීමට රජයක් හැටියට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස 4 ඇතුළත දී එම  ඉලක්කය  සම්පූර්ණ කරගැනීමට කොවිඩ්  කමිටුවේ දී සාකච්ඡා කර තීන්දු කරලා තිබෙනවා. 

රටේ වසංගතයක් පවතින අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවා පෝට් සිටි පනත විවාදයට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 

රටේ වසංගතයක් තිබෙන බව පවසමින්  අනෙකුත්  වගකීම් සහ  රාජකාරි නවතා දැමීමට රජයකට  කිසිසේත්ම නොහැකි බවයි.   රජයේ අනෙකුත් ක්‍රියාකාරකම් නවතා දමා  රජය අකර්මණ්‍ය බව පෙන්වීමට ඇතැම් පිරිස් වලට අවශ්‍යතාවයක් ඇතත් රජයට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් බාධක මැඩ  ගනිමින්  රට ඉදිරියට ගෙන යාම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. රට ලොක් ඩවුන්වෙනවා නම් ඇඳිරි නීතිය පනවනවා නම්  ආර්ථිකය වැටෙනවා නම් රජයට ප්‍රශ්නයක් වෙනවා නම් විපක්ෂය සතුටින් බලා සිටිනවා

මරණ සංඛ්‍යාව වැඩි වෙනවා නම් ආසාදිත සංඛ්‍යාව  වැඩි වෙනවා නම් ඒ අය සතුටු වෙනවා. ඒ නිසා එවැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ පිළිබඳව අවධානයක් යොමු කිරීමෙන් තොරව රටේ සාමාන්‍ය තත්ත්වය තත්ත්වය පවත්වාගෙන යන්න රජය හැකි හැමවිටම උත්සහ දරනවා. රටේ ආර්ථිකය මේ වෙලාවේ ශක්තිමත් වෙන්න ඕනෙ. පෝට් සිටි ව්‍යාපෘතිය සාර්ථක වෙන්න ඕනේ. මේ කටයුත්තට සහභාගි වෙන්නේ මන්ත්‍රීවරුන්.ජනතාව නෙවෙයි. වසංගත තත්වයක් රටේ තිබුනත් පාර්ලිමේන්තුවට අනෙක් හැම දේකටම එන්න පුළුවන්නම් මේ වැදගත් කටයුත්ත ටත් ඇවිල්ලා සාකච්ඡා කරලා  තීන්දු අරගෙන කටයුතු කරන්න පුළුවන්

Dinamina

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago