දේශීය

එළවළු, පළතුරු කිලෝ ලක්ෂ 26ක් දඹුල්ලේ පුස් කයි

දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගැසී ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (14) මන්ත්‍රිනිය මේ බව පැවසුවාය.
මන්ත්‍රිනියගේ ප්‍රකාශය මෙසේය.
“කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ, ව්‍යාපාරිකයෝ, අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයෙකු දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26ක් අද දිනයේ දඹුල්ලට රැගෙනවිත් තිබෙනවා.
මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදාගන්න කිසිම වැඩ පිළිවෙළක් නෑ. ‘ඇඳිරි නීතිය’ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් බලාගෙන ඉන්නවා. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.
රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්. රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදීගෙන පිට පළාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශ වී යාම වළක්වා ගත යුතුයි.”

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

19 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

19 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago